UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර 2019 පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට (සියලු ජාතීන්, ආගමිකයින් එකට එක්ව නරඹන) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නවම් මහා පෙරහර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මඟින් “ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව“ නමට ලියා රේඛනය කර එවන ලෙසත්, මනිඕඩර් සඳහා තැපැල් කාර්යාලය කොල්ලුපිටිය ලෙස සඳහන් කර යැවිය යුතු ලෙසත් දන්වා සිටිති. සංචාරක ව්‍යාපාර කරන අයට, විදේශිකයන් සඳහා ආසන පහසුකම් සලසාදිය හැකි අතර ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලයේ. ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 ලිපිනය වන අතර 2327084, 2435169 දුරකතන අංක වේ. ෆැක්ස් අංකය 2439508 වේ.

ඉතිරිය»

අපේකම රැකගත් ඉපැරැණි ගැමි සුවඳ

අපේ ආදී මුතුන් මිත්තන් ගතකළ ජීවිතවල පැවැති හරවත් බව අපට මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක්ම ආදර්ශයෙන් පිරිලා. හැබැයි, ඒ අයට වර්තමානයේ ජීවත් වන අයට වාගේ සම්ප්‍රදායික මට්ටමේ විභාග සුසුකම් ආදිය තිබුණේ ම නෑ. එහෙත් ඒ අය හරිම බුද්ධිමත්, ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවටම විහිදිලා. තවත් කෙනෙකුට ඇඟිල්ලක් උස්සන්න බැරි තරමට නිවැරැදියි. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත් වුණා. සමාජයට ණය නෑ. ජීවිත පැවැත්ම පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබූ නිසා ගොරෝසු වුණේ නෑ. දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා. පරපුරේ ලාබාල ඇත්තන්ට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා. අසාධාරණකම්, අයුක්තිසහගතකම්වලට නැඹුරුවුණේම නැති තරම්.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කතාවෙන් සහ හැඩරුවින් පමණක් මිනිසා යහපත් නොවේ

වාක්කරණ මත්තෙන
වණ්ණ පොක්කාර තායවා
සාධු රූපො නරෝ හෝති
ඉස්සුකී මච්ඡරි සඨො

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ පිරිසක් මුල්කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාව ඛුද්දක නිකායට අයත් ධම්ම පදයේ ධම්මට්ඨ වර්ගයේ සඳහන් වෙනවා. ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් ඇති පුද්ගලයා මනා රූ සපුවකින් යුත් මිහිරි වචන කතා කරන්නෙකු වුවත් ඔහු යහපත් මිනිසෙකු නොවන බව ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ධර්මධර හා විනයධර මහ තෙරුන් වහන්සේලා දෙනමක් බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය ඉගැන්වූහ. එම ශිෂ්‍යයන්ගෙන්, උන්වහන්සේලා දෙනමට අපමණ ගරු බුහුමන් පුද සත්කාර ලැබෙන්නට විය. එම ගුරු හිමිවරුන් ලබන පුද සත්කාර ඉවසා සිටිය නොහැකි වූ තවත් පුහුදුන් භික්ෂූන් වහන්සේ දෙනමක් තමන්ට ද ඒවා ලබා ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීමට ගොස් තමන් වහන්සේ දෙනමට ධර්මය විනය ඉගැන්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

ඉතිරිය»

සිත් සේ පින් කරමු සුගති සැප විඳිමු

පින්වත් දරුවනේ, අද නවම් පුර අටවක පෝය දිනයේත් අපි කියලා දෙන්නේ දිව්‍ය ලෝකයේ සැප සම්පත් විඳින දෙවි දේවතාවුන් ගැනයි. මහානුභාව සම්පන්න, සුනිම්මිත දිව්‍ය රාජයා වගේ බබළන, දිව්‍ය අප්සරාවන් පිරිවරාගත් ආනුභාව සම්පන්න දේවතාවෙක් සිටියා. යසසින්, කීර්තියෙන්, පුණ්‍ය මහිමයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. මේ සා දිව්‍ය සම්පත්, රූ සිරි ලබන්නට කළ පින කුමක්දැයි මේ දේවතාවාගෙන් මුගලන් මහ රහතන් වහන්සේ විමසා සිටියා. එයට හේතුව තමයි දරුවනේ, මිනිස් ආත්ම භවයක දී සුමේධ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වී ඉපදීම. එතුමා මුලින් ම පෘථග්ජන කෙනෙක්. පෘථග්ජනයා කියන්නේ කාටද? තෙරුවන් සරණ ගියේ නැති, ධර්ම මාර්ගයට යොමු නොවුණු පුද්ගලයාට යි. මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාටයි.

ඉතිරිය»

රාහුල කුමරු දායාදය ඉල්ලීම

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]