UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මොරොන්තුඩුව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණ. විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති ත්‍රිපිටකවේදී දැල්කඩ අරියකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි විද්‍යාසෝම පිරිවෙනේ පරිවේණාධිපති ඉඹුල්පේ සෝමසිරි හිමියන්ගේ මඟ පෙන්වීම මත හතරපේරුවේ දායක දායිකාවන්ගේ සහායෙන් එම පින්කම පවත්වන ලදී. මොරොන්තුඩුවේ පදිංචි සුනිල් රොද්‍රිගෝ මහතාගේ නිවසේ සිට වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයට වැඩමවා තැන්පත් කොට ධාතු මන්දිරය විවෘත කරන ලදී.

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයට දස වසරක් පිරීම නිමිත්තෙන් අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක් සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙනියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා සිංහගිරි විහාරයේ දී පැවැත්විණි. ශාස්ත්‍රපති, ඕමාරේ කස්සප අනුනා හිමි, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගලපිටගල පේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම පින්කමට සහභාගී වූහ.

ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ශ්‍රී රත්නගිරි රජමහා පිරිවෙන් විහාරස්ථානය මගින් ඉකුත්දා (26) ගිරිභණ්ඩ පූජා පින්කමක් පැවැත්වූහ. එම පූජාව සඳහා හැළඹවටවන විදුහලේ සිට විහාරස්ථානය වෙත මහා සංඝ රත්නය පෙරටුකොට ගෙන අට පිරිකර වැඩම කරවූ අවස්ථාව. ඡායාරූපය – ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යූ.ගුණපාල

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]