UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කතාවෙන් සහ හැඩරුවින් පමණක් මිනිසා යහපත් නොවේ

වාක්කරණ මත්තෙන
වණ්ණ පොක්කාර තායවා
සාධු රූපො නරෝ හෝති
ඉස්සුකී මච්ඡරි සඨො

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ පිරිසක් මුල්කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාව ඛුද්දක නිකායට අයත් ධම්ම පදයේ ධම්මට්ඨ වර්ගයේ සඳහන් වෙනවා. ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් ඇති පුද්ගලයා මනා රූ සපුවකින් යුත් මිහිරි වචන කතා කරන්නෙකු වුවත් ඔහු යහපත් මිනිසෙකු නොවන බව ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ධර්මධර හා විනයධර මහ තෙරුන් වහන්සේලා දෙනමක් බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය ඉගැන්වූහ. එම ශිෂ්‍යයන්ගෙන්, උන්වහන්සේලා දෙනමට අපමණ ගරු බුහුමන් පුද සත්කාර ලැබෙන්නට විය. එම ගුරු හිමිවරුන් ලබන පුද සත්කාර ඉවසා සිටිය නොහැකි වූ තවත් පුහුදුන් භික්ෂූන් වහන්සේ දෙනමක් තමන්ට ද ඒවා ලබා ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීමට ගොස් තමන් වහන්සේ දෙනමට ධර්මය විනය ඉගැන්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

ඉතිරිය»

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]