UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය ජනවාරි 20 වෙනිදා දුරුතු පුර පසළොස්වක පෝදා පෙරවරු 10.11 ට යෙදෙන ශුභ මොහොතින් ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි සිදුකෙරෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි සිදු කෙරෙන බව ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන කෝරාල වන කේ.එම්.සී. කරුණාතිලක මහතා නිකුත් කර ඇති දැන්වීමකින් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක්

 

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක්, මිහින්තලා රජ මහා විහාරයේදී දුරුතු පෝදා පැවැත්වේ. මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම මාසිකව සිදු කෙරේ. මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය ඉබ්බාගමුව නැලව පුරාණ පොත් ගුල් විහාරාධිපති හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන් ප්‍රධාන දායක පිරිස මගිනි. පෝදා උදෑසන 6.45 ට ගිරිභණ්ඩ සෑ රදුන් අබියසදී සීල සමාදාන පින්කම ආරම්භ වේ. පස්වරු 2.30 මිහින්තලා නගරයේ සිට කප්රුක් රැගත් පෙරහර ආරම්භ කෙරේ. එදින කප්රුක් තුනක් පූජා කෙරෙන අතර මහා සෑ රදුන් වෙත කප්රුක් පූජාව අනුරාධපුර පණ්ඩුකාභයපුර දායක පිරිස මගිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත මෙහෙයවිය යුත්තේ කෙසේද?

වර්ෂයේ පළමු පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දා ඔබ සැම දෙනාම දහමින් දැනුවත් කිරීම සඳහා මා තෝරාගත් ගාථාව මජ්ක්‍ධිම නිකායේ එන භද්දෙකරත්ත සූත්‍රයට අයත් ගාථා ධර්මයක්. මේ ගාථාවෙන් උගන්වන උපදේශය දෛනික ජීවිතයේ සාර්ථකත්වය සඳහාත්, අධ්‍යාත්මික ජීවිතයට අයත් පරම නිෂ්ටාව සඳහාත් එකසේ උපකාර වන දේශනාවේ ඒකදේශයක්. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය. අතීතය පසු පස නොයන්නේ ය. අනාගතය සිහි නොකරන්නේ ය. අතීතය පහව ගොස් ඇත. අනාගතය පැමිණ නැත. වර්තමානයේ යම් ස්වභාවයක් පවතී ද එය විශේෂ වශයෙන් දකියි. මේ ගාථාව අපට දෙන උපදේශය අතීතයට සහ අනාගතයට ද නොගොස් වර්තමානය තුළ සිත තැන්පත් කර ගත යුතු බවයි. ඔබ ඔබ දෙස බලා සිටින්නේ නම් එවිට ඔබට වැටහේවි ඔබ ඉන්නේ වර්තමානයේ නොව අතීතයේ හෝ අනාගතයේ හෝ බව. ජීවිතය විවිධාකාර සිද්ධින්ගෙන් ගහනව පවතී. එය ජීවිතයේ දී මුහුණ දුන් කටුක අත්දැකීම් විය හැකි ය. වේදනාකාරි අත්හැරීමක් විය හැකි ය. එසේත් නැති නම් සුන්දර පි‍්‍රයජනක සිදුවීමක් විය හැකි ය. එහෙත් ඒ සියලු මනසිකාරයන් ඔබගේ පවිත්‍ර සිත අපිරිසුදු කරයි.ආවරණය කරයි.

ඉතිරිය»

බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුන් පොහෝදා

 

දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවූයේ ද ඒ දින ම ය. අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් මාස නමයක් ගත වූ පසු එළඹුණ දුරුතු පුන්පොහෝ දින උන්වහන්සේ ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදී සිදුවීම් රැසක් දුරුතු පුන් පොහෝදා සිදුවී තිබේ. දුරුතු පුන් පොහොය උදාවෙමින් පැවතිණ. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිසගේ වාසනා ගුණය දිවැසින් දුටු සේක. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත වැඩමවා, දහම් දෙසා, ඔවුන් පැවිදි කළ සේක. එහි දී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට ‘ආදිත්ත පරියාය’ සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත් වූ සේක.

ඉතිරිය»

 

කැලණිය රජමහා විහාරය
සේයාරුව - ලයනල් පී. පෙරේරා

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]