UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උලෙළ

 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ඇරැයුමෙන් ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නා හිමියන්ගේ මූලාසනයෙන්, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ගිහි පැවිදි විද්වතුන්ගේ උදාරතර සේවාව නිසා ම බෞද්ධ සාහිත්‍ය අඛණ්ඩව පවත්වාගෙන එන්නට හැකියාව ලැබී ඇත. එවන් වූ දීර්ඝ විකාශයක් ඇත්තා වූ බෞද්ධ නිර්මාණවේදීන් ඇගැයීම වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2007 වසරේ දී අවධානය යොමුකරන්නට විය.

ඉතිරිය»

බිනර මහේ ශාසනික වැදගත්කම්

බුද්ධ නියමයට අනුව සෑම උපසපන් භික්ෂූන් වහන්සේ නමක් ම වස් තුන් මාසයෙහි වස් සමාදන් ව බුද්ධ නීතියට අනුව කටයුතු කළ යුතු ය. එම වස් කාලයෙහි එළඹෙන අවසාන මාසය වන්නේ බිනර මාසය යි. වස් තුන් මාසයෙහි අවසාන මාසය වන නිසාම බිනර මාසය භික්ෂූන් වහන්සේලාට ඉතාමත් ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි උන්වහන්සේගෙන් භාවනා වැඩීමට කමටහන් ලබාගත් බොහෝ භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය අවසන් වන විට නිවන් මඟ පසක් කර ගැනීමට සමත් වූහ. මේ නිසා බිනර මාසය ද ඇතුළු සෑම වස් කාලයක් ම ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අතිශය ප්‍රයෝජනවත් කාල පරිච්ඡේදයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. වැසි සමය ක්‍රමයෙන් ගත වෙමින් සරත් කාලය උදා වන්නේ ද බිනර පුර පසළොස්වක පොහෝ දා පටන් ය. මේ තැන් පටන් පරිසරයද අලංකාර වෙමින් ඉතා සුන්දර කාලයක් ලොව පුරා ඇති වෙයි. පරිසරයේ තිබෙන අලංකාරත්වය නිසා බොහෝ විට ලෞකික සුන්දරත්වයට සිත යොමු වන අවස්ථා ද එමට ය. මේ බව දත් බුදුරජාණන් වහන්සේ,

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිර්වාණ සුවය අප්‍රමාදී පුද්ගලයාට පමණි

අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨාන මලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදෝ රක්ඛතෝ මලං

අද මේ සැම දෙනා ම සූදානම් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරලා, තමන් ප්‍රතිපත්තියෙහි පිහිටා, සැදැහැවතුන් හැටියට, සිල්වතුන් හැටියට බුදුරජාණන් වහන්සේ ඉතා කරුණාවෙන්, මෛත්‍රියෙන් අපේ දෙලොව දියුණුව සඳහා දේශනා කළ උතුම් වූ දහම් පදයක් ශ්‍රවණය කිරීමටයි. අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදයේ මල වර්ගයේ තිබෙන ගාථාවක්, කෙනෙකුගේ ජීවිතය නොමඟට යවන කරුණු මොනවාදැයි මේ මල වර්ගයේ විස්තර කර තිබෙනවා. මාතෘකා වශයෙන් තබාගත් ගාථාවේ දැක්වෙන බොහෝ කරුණු අපේ ජීවිතයේ ඇති දුර්වල තැන් සකස් කර ගැනීමට බොහෝ උපකාරී වෙනවා.

ඉතිරිය»

මතු පරපුරකට - අකුරු කරන්නට

සෙවන සදන්නයි - බුදුපුත් මෙහෙවර

 

සියලු චෛතසිකයන්ට සිත මුල් වෙයි. එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදියි. ඒ නිසා ම කිලිටි වූ සිතින් යමක් කීවත්,කළත්, සිතුවත් ඒවා අකුසල් වෙයි. ඒ අකුසල් පසුපස දුක ලුහු බඳියි.  එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදින හෙයින් පහන් වු සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල කුසල් වෙයි. ඒ කුසල් හේතුවෙන් කෙනෙක් පසුපස ලුහු බඳින්නේ සැපත ය. තම සිරුර නොහැර එන සෙවනැල්ල මෙන් උපනුපන් තැන සුවපත් වෙයි. දස මසක් මව්කුස දරා මෙලොවට බිහිවන බිළිඳා මලක් මෙන් මෘදු ය. මෙළොක් ය. බිළිඳා කුඩා කල ගෙවන විට මව්පිය සහෝදරාදීන්ගේ ඇසුරට ද අනතුරුව බාහිර සමාජයේ ද ඇසුරට දිනෙන් දින පත්වෙයි. මනුෂ්‍යයා සුසිරිතට හෝ දුසිරිතට යොමුවීමට සමාජ ඇසුර ද බෙහෙවින් බලපානු ඇත. කලණ මිතුරු ඇසුර ම යහමගට යොමු කරයි. එහෙත් අත්දැකීම් කිසිවක් නොමැති ව නිවසින් සමාජයට යොමුවන දරුවා අයහපතට යොමුකරවා ගැනීමට පහසු වෙයි. ඒ මව්පිය ඔවදන් මනා ලෙස පෙන්වා නොදීමේ හේතුව ද විය හැකි ය.\

ඉතිරිය»

මෙහෙණ සසුන් දොර මෙසේ විවර වූ වගයි.. සිතුවම - සත්සර ඉලංගසිංහ

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]