UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බිනර පුර පසළොස්වක 2018.09.24

වටිනාකම් රැක ගනිමු

 

යටත් විජිත පාලකයින්ගේ ග්‍රහණයෙන් පරාදීන ව සිටි ජාතියක දීන මානසිකත්වය මුලිනුපුටා, ප්‍රබුද්ධ මනසින් නඟා සිටුවන්නට අනූපමේය මෙහෙවරක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වැනි ජන්ම සංවත්සරය පසුගිය 17 දාට යෙදී තිබුණි. බුද්ධ ශාසන අමාත්‍යංශය ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට අනගාරික ධර්මපාලතුමන්ගේ ආගමික, ශාස්ත්‍රීය ජාතික මෙහෙවර පිළිබඳ ව වත්මන් පරපුරට යළි සිහි කැඳවීම ඉතා ම කාලෝචිත ය.

රටක,ජාතියක මිනිසුන් පරාදීන මානසිකත්වයෙන්, වහල් මානසිකත්වයෙන් කුසීතව සිටින තාක් ඒ රටට හෝ ජාතියට කිසිදු දියුණුවක් නැත. රටක් ලෙස මෙතෙක් රැකගෙන ආ වටිනාකම්. උරුමකම් පවා විනාශ වී යනවා පමණක් නොව අනාගත පරපුර ද අගාධයෙහි ම වැටී විනාශ වී යන්නට ඉඩ ඇත.

අනුබුදු මිහිඳු හිමියන්ගෙන් අපට උරුම වු, සම්බුදු දහමින් සුපෝෂිත සංස්කෘතියක අභිමානය පිළිබඳව අපේ ඓතිහාසික වටිනාකම් සාක්ෂි දරයි. ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන උදාර සංකල්පය පෙරදැරි කර ගනිමින් ඉදි කළ සාගරය පරයන මහා වැව් වලින් ගලා එන මහා දිය කඳ කෙත්වතු සරු කොට අදත් අපේ මිනිසුන්ගේ කුස පුරවන්නේ අතීතයෙන් අපට උරුම කරදුන් වටිනාකම් නිසා ය.

අහස උසට බැඳි වෙහෙර විහාර අතීත සිංහලයාගේ දස්කම් ගැන අදත් විශ්මිත හැඟීම් ඇති කරවයි. එහෙත් ඉතිහාසය ගැන කියමින් ,ඉතිහාසය ම වර්ණනා කළ පමණට අනාගතයක් ගොඩ නොනැඟෙන්නේ ය. ඉතිහාසයෙන් පාඩම් උගෙන, දුර්වලතා ද හඳුනාගෙන, අලසකම් දුරුකර නැඟී සිටින්නට ජන සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්නට කාලය එළඹ තිබේ. එදා අනගාරික ධර්මපාලතුමා ජනතාව අවිදි කළේ ජාතියක් වහල් බවින් මුදවා ධර්මිෂ්ට සමාජයක් ගොඩ නැගීමේ උදාරතර අරමුණෙනි. අපමණ කටුක අත්දැකීම් හමුවේ එතුමා වේලාවක් ආවේලාවක් නො බලා, නොපසුබස්නා වීර්යයෙන් කටයුතු නො කළා නම්, අද අපට දැකබලා වන්දනාමාන කර ගන්නට බුද්ධගයා භුමිය ඉතිරි නොවනු ඇත. ගමක් ගමක් පාසා යමින් මතට එරෙහි ව, අලසකමට, පරාදීනත්වයට එරෙහි ව එතුමා හඬ අවදි නොකරන්නට අපගේ සංස්කෘතිය අවිචාරවත් බවින් වල් බිහිවෙන්නට තිබුණි. එවැනි ජාතික වීරයන් පහළ වෙන්නේ ජාතියේ පිනට ය .

අනගාරික ධර්මපාලතුමා අපේක්ෂා කළ සාධු සමාජය නැවත ගොඩනඟන්නට දිරියෙන්, ශක්තියෙන් නැගී සිටින්නට දැන් කාලය එළඹ ඇති බව පෙනෙන්නේ විෂමාචාරයන්ගෙන්, මත්ද්‍රව්‍යයන්ගෙන් සමාජය වෙළා ගන්නා බවක් පෙනෙන්නට තිබෙන බැවිනි. සෝදා පාළුවට යන අපේ වටිනාකම්, ආරක්ෂා කර ගන්නට, අනාගතයට සුරක්ෂිත කරන්නට අද අදම ප්‍රායෝගික වූ ත් සාර්ථක වැඩ පිළිවෙළක් නො යෙදුවේ නම්, වචනයට පමණක් එය සීමා කළේ නම් මතුවට ඉතිරිවන්නේ අශ්වයා පැන ගිය පසු ස්ථාලය වසා දැමුවා වැනි නිරර්ථක වෑයමක ප්‍රතිඵල ය.

වෙසෙසින් අනුන් මත යැපීමට පුරුදු නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමට හැකි ජාතියක් ගොඩනැගීම, අන්‍යයන්ට කරදරයක් නොවී ජීවත් වන්නට කියාදීම, වර්තමානයට වඩා අනාගතය වෙනස් ය යන ආකල්පමය වෙනස ඇති කිරීම, අද කරන්නට ඇති දේ හෙටට කල් නො දමන්නට ඔවුනොවුන් තුළ පෙළඹවීමක් ඇති කිරීම, නූගත්කමට එරෙහිව උගත්කම ජයගන්නට පුරුදු කරවීම, නීතියට බියවීමට, අධර්මය පිටු දැකීමට හුරු කරවීම කාලීන අවශ්‍යතාවන් ය. පාසල්, දහම් පාසල් ඇතුළු වෙසෙසින් රාජ්‍ය ආයතන ඔස්සේ ද මේ ආකල්පමය වෙනස ගොඩ නැගීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය. රටක් ගොඩනගන්නට මුල් තැන දිය යුතු උදාර සංකල්ප විශාල ප්‍රමාණයක් ජාතික පනත තුළින් ධර්මපාලතුමා ජාතියට හඳුන්වා දුන්නේ ය. ඒවා පරිශීලනය කොට වහ වහා ප්‍රායෝගික ව සමාජ ගත කරන්නේ නම්, වත්මන් පරපුර ගොඩනැගීම ද, අනාගතය සුපසන් කර ගැනීම ද අසීරු නොවන බව අපගේ හැඟීම ය. එය වචනයට පමණක් සීමා නොවිය යුත්තක් බව ද පවසමු.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]