UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය


ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී අප්‍රේල් 22, 23, 24 දිනයන්හි දී පැවැත්වේ. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, විනයකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී, අගලබඩ ශ්‍රී පියසිරි, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප යන අනු නා හිමිවරුන්ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන, ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල, සංරක්ෂක දර්ශනපති, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන යන හිමිවරුන්ගේත්, සහකාර ලේඛකාධිකාරීන් වහන්සේලා වන ගෝනදෙණියේ තපස්සී, පරපාමුල්ලේ සුමන යන හිමිවරුන්ගේත් මූලික මෙහෙයවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක සංඝ සභාව හා උපසම්පදා කාරක සභාවේ සහභාගීත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරේ. අප්‍රේල් 22, 23, 24 යන දිනයන්හි පෙරවරු කාලයේ උපසම්පදාපේක්ෂකයන් දැක්වීම, පාඩම් ඇසීම්, පැවිදි කිරීම් හා දාන මානාදී පූර්ව භාගයේ කටයුතු පෙරවරු. 6.00 සිට පස්වරු 12.30 දක්වාද අපරභාගයේ කටයුතු පස්වරු 1.00 සිට එදින උපසම්පදා විනය කර්මයේ කටයුතු නිමවන තෙක් ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී ද පැවැත්වේ.

ඉතිරිය»

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]