UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සැමට සාධාරණ ශීල ප්‍රතිපදාව

බුදුසමයෙහි මූලික ඉගැන්වීමකි ශීලය. බෞද්ධයාගේ මුඛ්‍ය පරමාර්ථය සසර දුක නැති කොට නිවන් දැකීම ය. එහි මූලික පදනම ශීලයයි. ත්‍රිශික්ෂාවන් අතර ශීලය මූලිකව දක්වා ඇත්තේ එම නිසයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවර ලෙස ශීලය දක්වා ඇත්තේ විමුක්ති මාර්ගයේ පළමු පියවර ලෙසයි. මේ නිසාම විවිධ සූත්‍ර ධර්මවල ශීලය ආර්ය ධනයක් ලෙස ‘සීල ධනං’, යන්නෙන් පෙන්වා දෙයි. එසේම ව්‍යග්ඝපජ්ජ, පත්තකම්ම ආදී සූත්‍රවල සීල සම්පදා යන්නෙන් ද මේ ශීලයේ වැදගත්කම උගන්වා ඇත. චූල සීල, මධ්‍යම සීල, මහාසීල වශයෙන් ද සීලය ප්‍රභේද කොට ඇති අතර තවත් ප්‍රභේද රැසක් සීලයෙහි දක්වා ඇත. ඒ හැම සීල ප්‍රභේදයකටම වඩා මෙහිදී ඔබේ අවධානය යොමු කරනු ලබන්නේ චූල සීල ගණයට අයත් ගිහියාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ප්‍රතිපත්තිය පිළිබඳවයි.  කය වචන දෙක හික්මවා ගැනීම, සංවර කර ගැනීම, පාලනය කර ගැනීම ශීලයයි. මේ තුළින් හැදිච්චකම, තැන්පත්කම, ගම්‍යමාන වෙයි. මේ බාහිර ඉන්ද්‍රිය සංවරය, සංසිඳීම අභ්‍යන්තර සංසිඳීමකට පදනම සපයයි. ඒ තුළින් සමාධිය ගොඩ නැගෙයි. මේ පංචශීල ප්‍රතිපදාව සියලු දෙනාටම සර්වසාධාරණ වන අතර එය ආගම්, ජාති, කුල, මල භේද නොමැත. සමස්ත මානව වර්ගයාටම ගැළපෙන සාධාරණ ප්‍රතිපදාවකි. ශීලය අන්ත ගාමි නොවන අතර අන්ත රහිත සුචරිත මාතාවකි. ශාස්වතවාදය පදනම් කර ගත්, කාමසුඛල්ලිකානුයෝගය, හා උච්ඡේද වාදය පදනම් කර ගත් අත්තඛිලමතානුයෝගය යන සමකාලීන භාරතීය අන්තවාදයට මේ ශීලය ඇතුළත් වී නැත. අන්තවාද, දෘෂ්ඨික වාද බැහැර කරමින් බුදු සමයෙහි මේ ශීල ප්‍රතිපදාවට ප්‍රමුඛ තැන හිමි වෙයි.

ඉතිරිය»

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]