UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 10: දස ධම්ම සූත්‍රය - මංගල කතාවේ යටගියාව

දස ධම්ම සූත්‍රය:

මංගල කතාවේ යටගියාව

භික්ෂුවකගේ අභ්‍යන්තර සිතිවිලි ධාරාවන්ගේ ස්වරූපය හා බාහිර පැවැත්ම කෙබඳු විය යුතු දැයි අවධාරණය කර තිබේ. විශේෂයෙන් ම පැවිදි දිවියකට පත්වූවෙක් නිතර මෙනෙහි කළ යුතු වන්නේ විමුක්ති සාධනයට උපනිශ්‍රය වන කරුණු ය. එමෙන් ම බාහිර පෙනුම ද අන්‍යයන්ගේ සිත් ප්‍රසන්න කරන ස්වරූපයකින් යුක්ත විය යුතු ය. එමෙන් ම තමන් කරන කියන හිතන පතන සියල්ලෙහි ප්‍රතිඵල තමන් වෙතම ලැබෙන බවත් වෙන කෙනෙකුට එය පවරාදිය නොහැකි බවත් මෙනෙහි කළ යුතු ය. එපමණක් නොව තමාගේ ජීවිතය කැප කර ඇත්තේ පරාර්ථය උදෙසා බව මෙනෙහි කළ යුතු ය. මෙම තත්ත්වයන් නුවණින් මෙනෙහි කරන්නා අධ්‍යාත්මික ව දියුණු වූ විට තම මනස තුළ ගොඩනැගෙන සංහිඳියාව කෙබඳු ආකාරදැයි හඳුනා ගනී.

මංගල කතාව

බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වීමටත් පෙර විශ්වය පුරාම යමෙකු දකින දේ ඔහුගේ දියුණුවට හේතුවේ ය යන, දිට්ඨ මංගල නම් අදහසක් ද අසන දේ පුද්ගලයෙකුගේ දියුණුවට හේතුවේ යන, සුත මංගල නම් අදහසක් ද පසිඳුරන්ට ස්පර්ශ වන රූප ශබ්ද ආදිය දියුණුවට හේතු වේය යන, මුත මංගල නම් අදහසක් ද පැවතිණි. මෙම අදහස් ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනා දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල යන නාමයන්ගෙන් හඳුනාගෙන තිබිණි.

දඹදිව මහ ජනයා රැස් වී එක් එක් මාතෘකා ගැන සාකච්ඡා පවත්වති, එක මාතෘකාවක් පිළිබඳ ව කෙරෙන සාකච්ඡාව මාස හතරකින් නිමා වේ.

එක් දිනක් මංගල යන මාතෘකාව යටතේ සාකච්ඡා කළහ. කෙනෙක් උදෙන් ම නැගිට පක්ෂියෙකු දකී. බෙලි ගසක් දකී. ගැබ් ගත් කාන්තාවක් දකී. ළදරුවෙක්, අලංකාර කරන ලද පුන් කලසක්, අජානීය අශ්වයන් යෙදූ රථයක්, වෘෂභයෙකු හෝ යහපත් යැයි සම්මත රූපයක් දකී. එය මංගල යැයි දිට්ඨමංගල ප්‍රකාශ කළේ ය. ඇතැමෙක් ඔහුගේ අදහස පිළිගත් අතර ඇතැමෙක් බැහැර කළහ.

සුතමංගල ප්‍රකාශ කරන්නේ ලෝකයේ පිරිසුදු අපිරිසුදු, හොඳ නරක, මනාප අමනාප සියල්ල ම දක්නට ලැබෙන බවයි. දකින දේ මංගල නම් සියල්ල ම මංගල වන්නේ ය. එම නිසා දකින දේ මංගල නො වෙති. ලෝකයේ මංගල නම් සම්මත වූ ශබ්ද පවතී. ඇතමෙක් උදෑසන නැගිට වඩ්ඩ, වඩ්ඩමාන, සුමන, සිරි සිරිවඩ්ඪන යන සුභ දේ අසයි නම් එය මංගල යැයි පැවසී ය. ඇතමෙක් මෙම අදහස පිළිගත්හ. ඇතමෙක් නො පිළිගත් හ.

සුතමංගල ප්‍රකාශ කරන්නේ යහපත් වූ දේ ද, අයහපත් වූ දේ ද අසයි. අසන ලද දේ මංගල නම් සියල්ල මංගල වන්නේ ය. ඒ නිසා අසන ලද දේ මංගල නො වේ. මුත හෙවත් දැන ගන්නා ලද දේ මංගල වේ. සම්මත වූ ගන්ධ රස ස්පර්ශ යන දේවල් මංගල වේ. යමෙක් උදෑසනම නැගිට මල් සුවඳ විඳ ගැනීම් යනාදිය මෙන් ම පිරිසුදු දෙයක් ස්පර්ශ කිරීම ද මංගල යැයි පැවසී ය. ඇතැමෙක් මෙම අදහසට එකඟ වූ අතර ඇතැමෙක් මීට ප්‍රතිපක්ෂ වූහ. කෙනෙකුට උදෑසන සුබ දේ මෙන් ම අසුභ දේ ද ස්පර්ශ වන නිසා මුතමංගල හෙවත් (පසිඳුරන්ට ස්පර්ශ වන දේ) පුද්ගලයෙකුගේ දියුණුවට උදව් නොවන බවට ප්‍රකාශ කළේ ය.

මංගල කතාව මුළු දඹදිව ම පැතිර ගියේ ය. ආරක්ෂක දෙවියන්, භූමස්ථ දෙවියන්, ආකාශස්ථ දෙවියන් යනාදි ලෙස අකනිට්ඨක දෙවියන් දක්වා ම සමූහ වශයෙන් මංගල යනු කුමක්දැයි සිතා එක් එක් කණ්ඩායම් බිහි විය. හැමෝ ම කොටස් තුනකට බෙදුනහ. කාලයාගේ ඇවෑමෙන් පංච කෝලාහලයක් ම ඇති විය.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]