UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟරුවනට සිදුවන අපහාස නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලීමක් කරති

ශාසන විරෝධී ලෙස මහණ වෙස් ගත් වරෙන්තුකරුවන් ඇතුළු බොහෝ පිරිස් සම්බුදු සසුනට හා සංඝයා වහන්සේට අපහාස වන අයුරින් සිදුකරන ක්‍රියාවන් නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහ නා හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ. පිරිසුදු ථෙරවාදී සම්බුදු සසුන අදටත් සුරැකිව පවත්නා රටක් ලෙස අප දිනාගත් කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිස සුදුසු ක්‍රියාමාර්ග ගැනීම රජය සහ සෙසු සියලු පාර්ශ්ව එක්ව සිදුකළ යුතුව තිබෙන බවත් දැනට කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත් කර මහණ වෙස් ගත්තවුන් හඳුනාගෙන සසුනින් බැහැර කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවත් මහා නා හිමිවරු අවධාරණය කරති.

ඉතිරිය»

රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී

දැමුණු සිත සුව ගෙන දේ මෙවර වෙසක් තේමාව යි

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය මේ මස 28 සහ 29 යන දෙදින බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු පිණිස ගමේ විහාරස්ථානය අධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක් බිහි කිරීම පරමාර්ථ කරගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ආගමික කටයුතු රැසක් සංවිධානය කොට ඇත. “චිත්තං දන්තං සුඛාවහං” “දැමුණු සිත සුව ගෙනදේ” යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාවයි. ප්‍රඥාවෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව වෙසක් සතිය සමරනු වස් බොදු ජනතාව පෙළගැස්වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම වසරේ ආරම්භයේ සිටම දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක මණ්ඩල ආවරණය වන පරිදි වෙසක් පූර්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර සුව දෙන අණන සුඛය ණය නොවන ජීවිතයක්

ණය නැතිව ජීවත්වීමට ලැබීම සිතට ගෙන දෙන්නේ සැහැල්ලු හැඟීමකි. මහත් වු අස්වැසිල්ලකි. නිවහල් ව ජීවත්විය හැකිවන්නේත්. ස්වාධීනව කටයුතු කළ හැකි වන්නේත් ණය බරින් තොර සන්සුන් මනසක් ඇත්තාට ය. “ණයබර” යන්න පටු පරාසයකට සීමා වන්නක් නොවේ. පුද්ගල ජීවිතයක කුදු මහත් සියලු ක්‍රියාකාරකම්තුළ ණය නැති බව අවශ්‍ය ය. මුළු මහත් සංසාරගත ජීවිතය තුළ ම ණය නැති බව සුව එළවයි. මේ බව අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ එන ‘අණන සූත්‍රයෙන්’ හෙළි වෙයි. අනේපිඬු සිටුතුමාට බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කළ “අණන සූත්‍රය” ධර්ම දේශකයන් බහුල වශයෙන් මාතෘකා කරගන්නා නිසා ගිහි ශ්‍රාවකයන්ට ද ඒ පිළිබඳ දැනුමක් තිබිය හැකි ය. බුදුරදුන් එහි දී සිටුතුමාට දේශනා කරන්නේ කාමභෝගී ගිහියකු විසින් අත්කර ගත යුතු චතුර්විධ සුඛයන් ගැන ය.

ඉතිරිය»

අලුත් අවුරුද්දට අලුත් සිතිවිලි

සිරිසර සිරිලක වසන්ත සමයේ පවත්වන බක්මහ සැණකෙළිය මෙ තරම් පොදු ජනමන රංජනය වන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික වත් පිළිවෙත් අනුගමනය කරන නිසාම ය. මෙම ජාතික සැණකෙළිය පිළිබඳ දැනගත යුතු හා සංයුක්ත වන ප්‍රධාන විෂයයන් කිහිපයකි. ජනතාව සොබාදහම සමඟ සංවේදී වීම, නක්ෂත්‍ර විද්‍යාවෙන් මෙහෙයවීම හා කාර්ය සාධනය, ජාතික කෙළි සෙල්ලම් දොරට වැඩීම, බෞද්ධ සිරිත් විරිත් ක්‍රියාත්මක කිරීම, ජාතික හා ආගමික සමඟිය තහවුරුවීම ආදි ලෙස ය. ලාංකීය ජනතාව සොබා දහම සමඟ ඉතා සමීප වන උත්සව අතර අලුත් අවුරුදු උත්සවය ප්‍රධානතම වන බව අපට ප්‍රත්‍යක්ෂවන්නේ තම තමන්ගේ ගෙදරදොර වතුපිටි කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමු කරන නිසා ය. සඳ බැලීම, ගිනි මෙලවීම, කිරි ඉතිරීම, වැඩ ඇල්ලීම, පැළ සිටුවීම ,ගනුදෙනු කිරීම, ආදි බහු කාර්යවල දී සොබාදහම සමඟ සම්බන්ධ වන අතර, එම කාර්යවල දී වෙන් වෙන් ව ලබන ලාභ ප්‍රයෝජන මෙන්ම මානසික වින්දනය ද විවිධාකාර වන්නේ ය.

ඉතිරිය»

 

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]