UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සඟරුවනට සිදුවන අපහාස නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලීමක් කරති

ශාසන විරෝධී ලෙස මහණ වෙස් ගත් වරෙන්තුකරුවන් ඇතුළු බොහෝ පිරිස් සම්බුදු සසුනට හා සංඝයා වහන්සේට අපහාස වන අයුරින් සිදුකරන ක්‍රියාවන් නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහ නා හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ. පිරිසුදු ථෙරවාදී සම්බුදු සසුන අදටත් සුරැකිව පවත්නා රටක් ලෙස අප දිනාගත් කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිස සුදුසු ක්‍රියාමාර්ග ගැනීම රජය සහ සෙසු සියලු පාර්ශ්ව එක්ව සිදුකළ යුතුව තිබෙන බවත් දැනට කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත් කර මහණ වෙස් ගත්තවුන් හඳුනාගෙන සසුනින් බැහැර කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවත් මහා නා හිමිවරු අවධාරණය කරති.සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහා නා හිමි යන තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙම ලිපියට අත්සන් තබා ඇත.

ඉතිරිය»

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]