UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ නවම් මහා පෙරහර 28 සිට මාර්තු 1 වනදා

කොළඹ නවම් මහා පෙරහර මෙම 28 වනදා සිට මාර්තු 1 වනදා දක්වා පැවැත්වේ. ඒ නිමිත්තෙන් සති පිරිත් දේශනාව මෙම 22 වනදා ආරම්භ වේ. සියලු දෙනාට පින් සිදුකර ගැනීමටත්, රටටම ගෞරවයක් ගෙන දෙන්නටත්, නර්තන ඉදිරිපත් කරන කලාකරුවන් ශක්තිමත් කර සහායවීම පිණිසත් ගංගාරාමය මගින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන එම නවම් මහා පෙරහර සඳහා ඔබටත් දායක විය හැකිය.

ඉතිරිය»

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුවට පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ දී මෙම 22 සහ 23 වනදා පින්කම් මාලාවක් පැවැත්වේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය සහ ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ. ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා. සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ. ඒ සංස්කෘතිය කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින්. ඉස්කෝලේ මහත්තයට, පන්සලේ හාමුදුරුවන්ට එදා ලබල දීපු තැන ඇතැම්විට පරිගණකයට රූපවාහිනියට ගිහින්. අද තරුණ පරපුරේ දූ දරුවන් ආගම දහමින් ඈත්වෙලා. මේ නිසා ගුණ ධර්ම හැදියාව අපේ ම සංස්කෘතිය සෝදා පාළුවට ලක්වෙලා. අපේ අයගේ දැන් වීරයෝ රූපවාහිනියේ ඉන්න කාඩ්බෝඩ් වීරයන් පමණයි.

ඉතිරිය»

 

රට දැය සමය එකලු කළ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙවන ලංකා ගමනයෙන් පාදස්පර්ශය ලද කැලණි රජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය ඉදිකරන ලද්දේ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. එහි අභිනව චිත්‍ර කර්මාන්තය සෝලියස් මැන්දිස් මහතා ලවා කරවා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සමස්ත සැදැහැ සිත් වඩවන රමණීය විහාර මන්දිරයක් බවට කළේත්, ලෝවැසි සිතුවම් කලා රසික හදවත්හි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට පත් කළේත් හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ පුත් ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, දැයේ උන්නතිය උදෙසාත් ගෙන ඇති පියවර ඓතිහාසික ය. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දුර දක්නා නුවණින් ආරම්භ කළ ලේක්හවුස් ආයතනය දැයට සෙවණ සලසන මහ වනස්පතියක් බඳු ය. ශත වර්ෂයකට අධික කාලයක් පුරා ලේක්හවුස් ආයතනය තුළත්, ආයතනයෙන් බාහිරවත් සේවය කළ පිරිස ලක්ෂ සංඛ්‍යාත ය.

ඉතිරිය»

බමුණකු පැහැදීම

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]