UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තරගයක් නොවිය යුතු කඨින මහා පින්කම

මානසික යුද්ධයකින් සහ ආර්ථික යුද්ධයකින් පසුව ජයගත යුතු මහා පින්කමක් ලෙස වර්තමානයෙහි කඨීන පින්කම හඳුනාගත හැකියි. මේ තරම් ප්‍රමාණයක් දිය යුතු ද? එතරම් ප්‍රමාණයක් දීමෙන් පසු කුමන තත්ත්වයක් උදාවෙයි ද? යනුවෙන් මනස ප්‍රශ්න කරයි. සංසාරයේ ගැට ගසා තිබෙන තෘෂ්ණාව නමැති බියකරු මනෝභාවය විසින් අපෙන් ප්‍රශ්න කරමින්, විමසමින් , අප ආපස්සට අදින විට අඛණ්ඩ ව තුන් මාසයක් වස් සමාදන් වූ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරම්න් වස් පින්කම් මාලාවට සම්බන්ධ වෙමින් කටයුතු කිරීම චෛතසික වශයෙන් ලබාගත් විශාල දිනුමක් වෙයි. එය තමන්ගේ සිත ලබාගත් දිනුමක් ම වෙයි. වෙනත් සැදැහැවතෙකුªගේ දානයක් පූජා කරන අවස්ථාවක දී වුවත්, ඇතැම් විට ලොකු තෘෂ්ණාවක් ඇති විය හැකියි. දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ දීම උපමා කළේ ම, දානංච යුද්ධංච සමාන මාහු දන් දීම, පරිත්‍යාග කිරීම, අතහැරීම, යුද්ධයක් කිරීමට සමාන බවයි. ලෝභය,ජයගැනීමට අමතර ව ද්වේශය ද ,ජයගත යුතුයි. ආහාර පාන ලබාගත් පසු ඉතිරි කැළිකසල පන්සල් භූමියෙහි තැන තැන දමාගොස් ඇත්නම්, එය ඉවත් කිරීමේ දී ඇතිවන ද්වේශය ද මැඩපවත්වා ගත යුතුයි. ඔතරම් ප්‍රමාණයක් කළ යුතු නැහැ. මේ මේ කොටස් අඩු කරමු යනුවෙන් මාරයා ආවේශ වෙමින් මිථ්‍යා දෘෂ්ටික සිතිවිලි වලින් සිත ආක්‍රමණය කිරීමට හැකිවන ඉඟි නිරන්තරයෙන් ලැබුණා නම්, දෙන දෙයෙහි ආනිශංස ලැබෙන බවට සිතමින් කුසලය ජයගන්න මනසින් මෝහය යටපත් කරමින් අමෝහය තත්ත්වයට පත්විය යුතුයි.

ඉතිරිය»

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]