UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දරන දුවේ පුතේ, මේ වස්සාන කාලය යි. පින් පිරෙන මාසය යි. ඔබත් මවුපියන් සමඟ එක්ව කළ හොඳ ක්‍රියා, පුණ්‍ය ක්‍රියා ගැන නිර්මාණාත්මකව අප වෙත ලියා එවන්න. ඉදිරි කලාපවලදී එම නිර්මාණ පළ කරමු. හොඳම නිර්මාණ සඳහා වන ත්‍යාග ඉදිරියේ දී ලැබෙන්නට සලසමු. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි.

68. මාවනැල්ලේ සුධීරා සිල්මාතාව
5 ශ්‍රේණිය
ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන – අතුරුගිරිය

69. යූ.එම්. තරුෂ ලක්ෂාන්
3 ශ්‍රේණිය
ශ්‍රී සමිත දහම් පාසල - ගොඩගම

70. ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය
ශ්‍රී බුද්ධ ජයන්ති ම.ම. විදුහල, බලන්ගොඩ

71. පී.ජී. චතුම් කල්හාර
5 ශ්‍රේණිය
ශ්‍රී ඛේමානන්ද දහම් පාසල - හොරණ

72. එම්.මිනෝෂ ආදිත්‍යා මෙන්ඩිස්
9 ශ්‍රේණිය
සිරි විමල දහම් පාසල – වලාන

73. එම්. මනුදි ෂෙහාර මෙන්ඩිස්
4 ශ්‍රේණිය
සිරි විමල දහම් පාසල – වලාන

74. යසාරා ගුණසේකර
5 ශ්‍රේණිය
සුමේධ විදුහල, ගම්පහ

75. ජී.ඩී. එරන්දි තිලංකා
9 ශ්‍රේණිය
රාජකීය ජාතික පාසල, හොරණ


අම්මා

දස මස කුස දරමින් වඩවා
රතු ලේ සුදු කිරි කොට හරවා
ජීවිත ඉදිරිය මඟ පෙන්වා
හොඳ මිනිසෙක් කෙරුවා

දියුණුවෙ මං පෙත කරාම යන්නට
වෙරවීරිය දුන්නා නිතරම මා හට
යන විට පෙරටම පත් වී සතුටට
ආශිර්වාදය දුන්නා කදිමට

කැත කුණු මගෙ අතගෑවා
ඇති දැඩිකර ලොකු කෙරුවා
ඇඳුම් මසා ඇන්දෙව්වා
මගේ අම්මා බුදු වේවා


මතු සසරේ මගේ ම අම්මා වේවා

අම්මා යන වචනය කියැවෙන විටම සිහියට එන්නේ, ආදරය, කරුණාව හා දයාව වැනි උතුම් ගුණාංග යි. අම්මා යන වචනය හැර මේ මිහිතලයේ ආදරණීය හා උතුම් වූ වචනයක් තවත් නැති තරම් ය. අම්මා අප ඇස් දෙක මෙන් රැක බලා ගන්නීය. දස මසක් කුසේ දරාගෙන ඇය අප මෙලොවට බිහි කළේ අනේක දුක් විඳිමින් ය. එම ණය ගෙවීම අපට කළ නො හැක. එනිසා අම්මා , පරිස්සමින් රැක බලා ගත යුතු ය. අම්මා අපට ඉගෙනීම සඳහා පිටුපසින් සිට මහඟු අත්වැළක් ලබා දෙයි.

ලෙඩක් දුකක් සෑදුණ විට ළඟින් ම සිට බෙහෙත් දී කවා පොවා රැකබලා ගන්නී ද ඇය යි. අප දුක් වන විට දුක් වන්නටත්, සතුටු වන විට සතුටු වන්නටත් යම් කෙනෙක් ඇත්නම් ඒ ආදරණීය අම්මා ය. කරදරයක් වූ විට ද මා ළඟින් ම සිටින්නේ ද ඇය යි. අම්මාගේ එකම පැතුම වන්නේ තමන්ගේ දරුවත් යහපත් ගුණ ධර්මයෙන් යුතු පුද්ගලයන් වනු දැකීමට යි. එමනිසා අපි හොඳ පුරවැසියන් වී අම්මාගේ පැතුම ඉටු කර දෙමු. සංසාරේ සෑම භවයකදී ම ඇය මගේ ම අම්මා වේවා.


නොසැලෙන ගුණ

මවට උපස්ථාන කිරීම උතුම් ගුණයක් වුව ද අද සමාජයේ සමහර දෙනෙක් තම මෑණිවරු මහලු නිවාසවල, වැඩිහිටි නිවාසවල තනිකර දමා ඇත. එහෙත් එම මෑණිවරුන්ගේ සිතෙහි තම දරුවන් කෙරෙහි කිසිදු වෛරයක් නැත. එය ඔවුන්ගේ මෙත් වැඩීමේ ගුණය හෙවත් “මෛත්‍රී” ගුණය යි. අප කුඩා කල සිට ම අපගේ අම්මාට කො තරම් දුක් දී ඇති ද? නොයෙක් සෙල්ලම් බඩු, විසිතුරු බඩු ආදිය ඉල්ලා හඬා ඇති ද? එහෙත් අපගේ මෑණියන් එම සියලු දුක් පීඩා ඉවසා දරා අප ඉල්ලූ දේ ගෙනත් දී අපගේ ඇසට කඳුළක් නොදී රැක බලා ගත්තී. මහත් වූ “කරුණා” ගුණය නිසා ය.

අපි කුඩා කල නිවැරැදි දෑ හා වැරැදි දෑ හඳුනා ගත්තේ අම්මාගෙනි. අප කුඩා කාලයේ දී පෙර පාසල් යවා අකුරු කියවා පසුව පාසල් යවන්නේ අපට හොඳින් උගන්වා යහමඟට ගැනීම පිණිස යි. දරුවන් යහමඟට ගැනීමේ උතුම් ගුණය සියලු අම්මාවරු සතු ගුණයකි. අප කුඩා අවදියේ පටන් ජයග්‍රහණ මෙන් ම පරාජයන් ද ලබා ඇත්තෙමු . එම ජයග්‍රහණවල දී අපි සතුටු වෙමු. පරාජයන් හී දීත් දුක් වෙමු. එම දුකේදීත් සැපේදීත් අප ළඟ සිටි උතුම් කාන්තාව අම්මා යි. එයින් අම්මාගේ ‘උපේක්ෂා’ ගුණය වඩාත් පැහැදිලි ය.

සතර බ්‍රහ්ම විහරණ වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්ගෙන් පූර්ණ වූ මහ බ්‍රහ්මයාට සම ගුණ ඇති දයාබර මෑණියන්ට කිසිදා දුකක් නොදී සියලු ඇප උපස්ථාන කොට ආදරයෙන්, කරුණාවෙන් රැක ගනිමු. මගේ අම්මාට බුදුසරණයි.


සැමදා ගරු කරමු

දස මසක් කුස දරා, වද වේදනා විඳ අප මෙලොවට බිහිකරන අම්මා මහා බ්‍රහ්මයාට සමාන යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. උපන්දා සිට ඇයගේ ලේ, කිරි කර අපට පොවා හොඳ නරක කියා දී ලොකු මහත් කළා ය. එහෙත් දැන් සමාජයේ සමහර මිනිසුන් අම්මාට කිසිම සැලකිල්ලක් නො දක්වා මහලු මඩම්වලට හා මාවත් අසළ දමා යන්නේ අම්මා කුණු ගොඩකට සමාන කොට ය. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කර ඇති ආකාරයට එය පිරිහෙන පුද්ගලයාගේ ලක්ෂණයකි. අම්මා යන අකුරු තුනට පවා අප ගරු කළ යුතු ය. අපි අම්මාට සැමදා සළකමු. ඇය නිසි ලෙස රැක ගනිමු.


පිය සෙනෙහස

දිවි බර කරට ගෙන අප වෙත සෙනෙහෙ පුදා
සැම දරුවන්ගෙ මතු දියුණුව ගැනම සිතා
සෙනෙහස වැඩිය පියකුගේ සයුරටත් වඩා
පිය ගුණ ගයමු අප සැම තුටු සිතින් ඉතා

තරවටු කළත් ඔබ කිසියම් වරදකට
නො පෙන්නුව ද ඔබේ සෙනෙහස අප සැමට
දනිමු පියාණනි ඔබේ ඒ සෙනෙහෙ කඳ
සම කළ නොහැකි බව රන් මිණි මුතු වලට

සඳ මඬලක් ලෙසට මෙත් ගුණ පතුරමිනේ
නුග රුකක් ලෙසින් සිට සෙවණක් දෙමිනේ
දහදුක් උසුලමින් ඇති දැඩි කළ පෙමිනේ
මතු බුදු වේවා මගෙ ආදර පියාණනේ


සඳකි නුඹ...

සඳ අහසේ තරු අතර රැජින යි. මහ පොළොවේ මිනිසුන් අතර රැජින යි. ඒ අපේ අම්මා යි. පූර්ණ චන්ද්‍රයා හරිම අහිංසකයි. නිහඬ යි. නිසල යි. ආලෝකය විහිද යි. හරියට අපේ අම්මා වගේයි. අම්මාගේ සසල හද මට බොහෝ දේ කියා දුන්නා. ඇගේ ලෙන්ගතුකම මා සුවපත් කළා. ඔබගේ ආලෝකයෙන් මා යහපත් මඟ ගමන් කළා.

සඳ අත් නොහැර යන තරු සේ ඔබ ළඟ සිටින්නට ආශා කළත්, ලොව සියලු දේ අනියත බව කියා දෙමින් සඳ නිහඬ වුණා. ඒ නිහඬ වූ සඳ මගේ අම්මා යි.


දළදා කරඬුව වැඩම කිරීම

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]