UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිසරු දෙය බැහැරව සරු දෙය පිළිගනිමු

සසර සැරි සරන සත්වයන්ගේ රාගාදි කෙලෙස් ගිනි නිවාලන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වසන සමයෙහි සංජය නම් පරිබ්‍රාජකයා අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. රජගහ නුවරට නුදුරු කෝලිත, උපතිස්ස යන බමුණු ගම් දෙකේ ඒ නමින් ම කුමාර කාලයේ පටන් ඉතා යසසින් හැදී වැඩී ගිය කෝලිත උපතිස්ස යන යහළුවන් දෙදෙනෙක් විය. දිනක් මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ නම් නාට්‍යයක් බලන්නට යන්නේ, නාට්‍ය බැලීමෙන් කිසිදු හරයක් නැත. අපි සාරවත් ධර්මයක් සොයාගෙන යමු’ යයි තීරණය කළහ. මෙකල රජගහ නුවර සංජය නම් පරිබ්‍රාජකයා බොහෝ ශිෂ්‍ය පිරිවැජියන් පිරිවරා තම ධර්මය හා ප්‍රතිපත්තීන් ප්‍රකාශ කරමින් ජනතාව අතර ප්‍රසිද්ධ ව වාසය කළේ ය. උපතිස්ස, කෝලිත දෙදෙනා ද එම ආරාමයේ දී ඔහුගේ ධර්මය ප්‍රගුණ කරමින් සිටි නමුත් එයින් කිසි ඵලයක් නොලදින් දෙදෙනා ම නික්ම ගියහ. මෙසේ කලක් ගතවෙද්දී උපතිස්ස රජගහ නුවර සැරිසරන්නේ අස්සජී මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනවිට උන්වහන්සේගේ ඉතා සන්සුන් ගමනට පැහැදී ගොස් වැඳ තොරතුරු අසා දැන ගත්හ. එමෙන් ම අස්සජි මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පභවා’ ආදී නයින් ධර්මයක් ද දේශනා කළ සේක.

ඉතිරිය»

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]