UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රම්බඩගල්ල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය - හෙළ රජ දවසින් පසු ඉදිවූ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සමස්ත ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඉකුත් දා (30) පස්වරුවේ පැවැත්විණි. සමරු ඵලකය නිරාවරණය කර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානයට නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව ද සිදු කළේ ය. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, විජයදාස රාජපක්ෂ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව අති විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. (ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය)

මිහින්තලා පුදබිමේ දී නෙලුම් මල් පූජාවක්

මහින්දාගමනයට වසර 2322ක් සපිරීම නිමිත්තෙන් මේ මස 17 වැනිදා ඉරිදා මිහින්තලේ නෙලුම්මල් පූජාවක් හයවන වරටත් මිහින්තලා රාජමහා විහාරාධිපති වලවා හැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරේ.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]