UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82 වන ගුණ සමරුව

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82 වන ගුණ සමරු උළෙල කොළඹ මාලිගාකන්ද මහා බෝධි මූලස්ථානයේදී ඉකුත්දා (28) පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෞද්ධ ග්‍රන්ථ කීපයක් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව, බානගල උපතිස්ස නා හිමියෝද මෙහි වෙති.

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (04) පස්වරුවේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නිකුත් කරන ලද මුද්දර සහ මුල්දින කවරය ද එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. අරන්තලාවේ භික්ෂු සංහාරයේ දී තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන ආඳාඋල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේ වෙත මුදල් පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක ගලගම අත්ථදස්සි අනුනාහිමි, මහියංගන රජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය,එ.ජා.ප ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ. ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනපති -අගමැති ප්‍රධානත්වයෙන්


කොළඹ හුණුපිටිය ගංගාරාමයේ බුද්ධරශ්මි වෙසක් කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (3) විවෘත කෙරිණි. ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ගේ සංවිධායකත්වයෙන් ඇරැඹි වෙසක් කලාපයේ අවස්ථා කීපයක් මෙසේය. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝද මෙහි වෙති.

කොළඹ නගර සභාවට වසර 150 ක් පිරීම නිමිත්තෙන් පින්කම්

කොළඹ නගර සභාවට වසර 150 ක් පිරීම නිමිත්තෙන් කොළඹ විහාරස්ථාන 100 ක් සඳහා මූල්‍ය ආධාර පිරිනැමීම හා සඟරුවන 250 නමක් සඳහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වන දා කොළඹ නගරාධිපති නිලනිවසේදී පැවැත්විණි.

 
 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]