UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් “අමාදහර ශ්‍රද්ධා සක්මන 2015” වෙසක් කලාපය

ලේක්හවුස් “අමාදහර ශ්‍රද්ධා සක්මන 2015” වෙසක් කලාපය
 



අසිරිමත් වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කළ ‘අමාදහර ශ්‍රද්ධා සක්මන 2015, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 වන දා ආරම්භ කැරිණි. මෙරට පළමුවරට සක්මන් කරමින් නැරඹිය හැකි අධිතාක්ෂණික සක්මන් තොරණ ඩිජිටල් රූපමය පෙළහර වයිෆයි දන්සල සමඟින් ජනපි‍්‍රය ගායක ගායිකාවන් සහභාගිවූ බොදු බැති ගී සහ ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කළ වෙසක් භක්ති ගීත ගායනය ඇතුළු විශේෂාංග රැසක් ලේක්හවුස් මන්දිරය අබියසදී ප්‍රදර්ශනය වූ අතර එම අවස්ථාවට සහභාගි වූ අගමැතිතුමා වයිෆයි දන්සල නිලවශයෙන් ආරම්භ කළ අවස්ථාව සහ ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී ‘බුදුසරණ පත්‍රය’ පිරිනැමූ අවස්ථාව. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘමණ්ඩල අධ්‍යක්ෂ සමන් වග ආරච්චි, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එමරික් ප්‍රනාන්දු, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. අගමැතිවරයා ඩිජිටල් තොරණ නරඹමින්. නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න මහත්වරු ද මෙහි වෙති.

ලේක්හවුස් “අමාදහර ශ්‍රද්ධා සක්මන 2015” වෙසක් කලාපයේ ඩිජිටල් තොරණ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නරඹන අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න මහතාද මෙහි වෙති.



ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කළ ‘අමාදහර ශ්‍රද්ධා සක්මන 2015 වෙසක් කලාපය ඇරැඹීමට ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා පොල්තෙල් පහන දල්වමින්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වග ආරච්චි, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, මූල්‍ය අධ්‍යක්ෂ එමරික් ප්‍රනාන්දු සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ඇතුළු පිරිස මෙහි වෙති ඡායාරූපය මාලන් කරුණාරත්න

ලේක්හවුස් බැති ගී කණ්ඩායම බැති ගී ගායනයට එක්වූ අයුරු

ලේක්හවුස් අමාදහර ශ්‍රද්ධා සක්මන වෙසක් කලාපයේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත “බුදුසරණ” පුවත්පතෙහි පිටපතක් එහි කතුවරයා විසින් පිළිගැන්වූ අවස්ථාව. ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතාද මෙහි වේ.

 
 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]