UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

ශ්‍රී ලංකා, ඉන්දියා ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් දා ( 13 ) මෙරටට සැපත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණි ඒ මහතා වසර 27 කට පසුව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය රාජ්‍ය නායකයා වශයෙන් ඉතිහාසයට එක්විය.

ඉතිරිය»

යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවානම් ඔහු අමෘතය දන් දෙනවා

මේ ලෝකයේ සද්පුරුෂ නුවණැත්තන් විසින් පණවන ලද කරුණක් තමා දානය කියන්නේ. තමාගේ සැපය උදෙසා තිබෙන යමක් තව කෙනෙකුගේ සැපය සඳහා කැමැත්තෙන් අතහැරීම දන්දීම යි. දන්දීම පින් කිරීමට ඇති ප්‍රතිපදාවක් කියලයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ. දානය ගැන උන්වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී තිබෙනවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

හඳුනා ගැනීමට දහම් කරුණු හතරක්

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් සත්ත ජටිල සූත්‍රයේ ඉහත ගාථාව සඳහන්ව ඇත. අපේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොසොල් මහ රජතුමාට සූත්‍රය දේශනා කර ඇත. ගාථාවේ සරළ අදහස කෙරෙහි පළමුව ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශාරීරික වර්ණයෙන් හෝ රූපයෙන් මිනිසා හඳුනා ගැනීම අපහසුය. එසේ එක් වරක් දුටු පමණින් මිනිසා විශ්වාස කළ නොහැකිය. අයහපත් ගතිපැවතුම් ඇති මිනිස්සු යහපත් මිනිසුන්ගේ ස්වරූපයෙන් පෙනී සිටින බැවිනි.

ඉතිරිය»

රැස්වෙහෙර හෙවත් සැසේරුව

මෙම පුදබිම පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ නැඟෙනහිර හතළිස් පහේ කෝරළේ ගල් වැවට ඊසාන දෙසිනි. ගල්ගමුව නිකවැව මාර්ගයේ සැතපුම් අටක් පමණ හැරී ගොස් එයින් ඊසාන දෙසට තවත් සැතපුම් අටක් පමණ ගිය පසුව මෙම පුදබිම හමුවේ. කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක දෙකේ මායිම් ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා ඇත. මෙහි දක්නට ඇති ප්‍රධානතම පූජනීය වස්තුව වන්නේ පිහිටිගලෙහි මතු කර අව්කන මහ බුදු පිළිමය මෙන් වූ හිටි බුදුපිළිමය වේ. මෙම බුදුපිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතී.

ඉතිරිය»

 

සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින් ලෙඩකු දැකීම සිතුවම සරත් නන්ද කුමාර

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]