UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් අපේ‍්‍රල් මස 9, 10, 11 දිනවල කළුතර දී

සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් අපේ‍්‍රල් මස 9, 10, 11 දිනවල කළුතර දී

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් (2014 වසර) කළුතර පස් යොදුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී අප්‍රේල් මස 9, 10, 11 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දිස්ත්‍රික් 22ක දිස්ත්‍රික් නිපුණතා ඇගයීම්වලින් ජයග්‍රහණය කළ දහම් පාසල් සිසු දරුවන් 850ක් පමණ එම නිපුණතා ඇගයීම් සඳහා සහභාගිවන අතර එම සිසුන්ගේ භාරකරුවන් සමඟ පැමිණ අප්‍රේල් 9 වන දා සවස නේවාසික විය යුතුව ඇත.

නේවාසික පහසුකම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කළුතර මියුසියස් විද්‍යාලය, උග්ගල්බඩ මහා විද්‍යාලය, තිස්ස මහා විද්‍යාලය (ජාතික පාසල) කළුතර බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල) යන ස්ථානයන්හි නේවාසික පහසුකම්, සිසුන්ට හා දෙමව්පියන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමියෝ ‘බුදුසරණ’ට පැවසූහ. සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන අප්‍රේල් 10 වනදා කළුතර පස්යොදුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වෙන අතර එදින පෙරවරුවෙහිදී දෙමව්පියන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා විශේෂ දේශනයක්ද එහිදි පැවැත්වේ.

පස්වරු 4 ට කළුතර අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරස්ථානය හා කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ විශේෂ බෝධි පූජාවක් සිසුන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද ගෝනදූවේ ගුණානන්ද නා හිමියෝ පැවසූහ. අප්‍රේල් 11වන දා උදේ 8ට සිසු නිපුණතාවලින් ජයග්‍රහණ ලැබූ සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බවද උන්වහන්සේ පැවැසූහ.

කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ශාසනාරක්ෂක මණ්ඩල (17) සභාපති, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු ශාසනාරක්ෂක මණ්ඩල නියෝජිතයන් ඇතුළු කළුතර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග්‍රහයද සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් දේශපාලන අධිකාරියේ සහාය ද එම නිපුණතා ඇගයීම් වැඩසටහන සඳහා සහාය ලබාදී ඇතැයිද ගුණානන්ද හිමියෝ පැවසූහ.

 

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]