UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

ශ්‍රී ලංකා, ඉන්දියා ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් දා ( 13 ) මෙරටට සැපත් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණි ඒ මහතා වසර 27 කට පසුව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය රාජ්‍ය නායකයා වශයෙන් ඉතිහාසයට එක්විය. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි. පසුව නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීය. ඉන්දීය අගමැතිවරයා මහා බෝධි සංගමයේ විශේෂ සංචාරයකද නිරත විය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන විසින් ජනාධිපතිවරයා ප්‍රධාන පිරිස පෙරටු කර ගනිමින් උඩමළුවට පැමිණි නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාට සෙත් පිරිත් දේශනා කර ආශීර්වාද කළහ. අගමැතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පිරිකර පූජා කළ අතර බෝමළුව විහාරස්ථානයේ දී අටමස්ථානාධිපති නාහිමියන් වෙත පිරිකර පූජා කරන ලදී. අනතුරුව රුවන්වැලි චෛත්‍යය වෙතද පිවිසියේ ය. වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විදේශ ඇමැති මංගල සමරවීර, බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය, වාරිමාර්ග ඇමැති දුමින්ද දිසානායක මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟින් එක්ව ඉකුත් දා (14) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනු ලැබීය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟින් එක්ව ඉකුත් දා (14) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනු ලැබීය

පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගෙන් ඉන්දීය අගමැතිතුමාට සමරු තිළිණයක්

පල්ලේගම හේමරතන නාහිමියන්ගෙන් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාට සමරු තිළිණයක්.

ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විසින් පිළිගැනීමෙන් අනතුරුව සමරු සටහන තබමින්.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොළඹ මාලිගාකන්ද මහා බෝධි සංගමයේ දී... අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියෝද මෙහි වෙති

 
 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]