UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යක්කඩුව සද්ධර්මෝදයාරාමයේ කොත් වහන්සේ පැළඳවීමේ පින්කම

ජා - ඇළ යක්කඩුව ශ්‍රී සද්ධර්මෝදයාරාමයේ ගම්වාසී හා ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආධාරයෙන් ඉදිකරනු ලැබූ වෙහෙර වහන්සේගේ කොත්පැළඳවීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

නුපුරුදු කටයුතු විමසා බලා කළ යුතු

සමහර ජලාශවල දිය රැළි මතු වෙනවා. ඉතාම භයානක විධියට දිය රැළි එනවා. මේ ගැන අවබෝධයක් නැතිව දියට බසින තැනැත්තා දිය රැළි විසින් මරු වසගයට ගෙනියනු ලබනවා. එනිසා දිය රැළි ගැන විමසා දැන ගෙන ජලාශයට බැස්සොත් අනතුරකින් වැළකිය හැකියි. ඒ පළමුවෙනි බියයි. ඒ වගේම ඇතැම් ජලාශවල දිය සුළි තිබෙනවා. හරිම භයානකයි. දිය සුළි ගැන නොදැන ජලාශවලට බැහැලා සමහරු ජීවිත විනාශ කර ගන්නවා. ආවට්ට භය කියලා ඉගැන්නුවෙ මේ දිය සුළි නිසා ඇති කරගනු ලබන භයටයි. විශේෂයෙන් නපුරු කිඹුලන් සිටිනවා දැ’ යි සොයා බැලිය යුතුයි. කිඹුලෙකුට හසුවුණු කෙනෙක් බේරෙන්නේ කලාතුරකින්. කිඹුලන්ගෙන් ඇතිවන බිය කුම්භීල භයයි. ඒ වගේ ම කිඹුලන් නොවන, අපේ ජීවිතවලට හානි කරන වෙනත් නපුරු ජලජ සත්වයන්ගෙන් ද ජලාශයකට බහින කෙනෙකුට විපත්තියකට මුහුණ දිය හැකියි. මේ බිය තමයි සු සුඛා බිය කියල කියන්නෙ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

දුකට විපතට පත් නොවීමට නම්.....

අජානීය අශ්වයා අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයත් සමගියෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා. එමෙන්ම අජානීය පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම, යුතුකම ඉටුකරනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා.

ඉතිරිය»

අම්බුලුගල ශ්‍රී දන්තපාය විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මාවනැල්ල උතුවන්කන්ද හන්දියෙන් දකුණට ඇති දාස්වත්ත මාර්ගයේ කි.මී. 1 ක් පමණ ගොස් අඹගහමුල හන්දියෙන් දකුණට හැරී තවත් කි.මී. 1 පමණ පියමං කළ විට අම්බුලුගල ශ්‍රී දන්තපාය විහාරයට පිවිසිය හැකිය. කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජතුමාවිසින් සාදවන ලද මෙහි වර්තමානයේ දක්නට ඇත්තේ මහනුවර යුගයේ ඉදිකළ ටැම්පිට විහාරය යි.  මෙහි දැක්වෙනුයේ එම ටැම්පිට විහාරය තුළ ඇති මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය- ජනක වෙත්තසිංහ

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]