UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී මහා බෝ සමිඳු අංකුර බෝධියක් බුද්ධගයාවට වැඩම කරවීම

අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකූර බෝධීන් වහන්සේ නමක් දඹදිව, බුද්ධගයා පින්බිමේදී රෝපණය කිරීමේ මහා පින්කමක් පෙබරවාරි 17 වෙනි දිනට යෙදෙන පුර පසොළොස්වක් පුන්පොහෝ දිනයේදී සිදුකෙරේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රිය සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න මහතාගේ සංකල්පනාවක් මත බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ එක් එක් දිසාවල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද දායකත්වයෙන් එය සිදු කෙරේ.

දැනට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ආරක්ෂාකාරීව හා වෛද්‍ය උපදෙස් මත මෙම අංකුරය අනුරාධපුර මහ විහාරයට වැඩමකර එය පෙබරවාරි මස නව වනදා ඓතිහාසික අනුරාධපුර මහ බෝ සෙවනින් පිටත්ව ගමන් අරඹනු ඇත. එම සියලුම කටයුතු හා එදින අනුරාධපුර නගරයම සැරසිලි කිරීම් කටයුතු ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ උපදෙස් මත සිදු කැරේ.

මේ වෙනුවෙන් 08 දින සර්ව රාත්‍රී පිරිත් දේශනයක් පවත්වා එය රජරට ගුවන්විදුලි සේවයෙන් විකාශනය කරනු ඇත.

මෙදින මහවිහාර පරිශ්‍රය, ජයශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන ප්‍රදේශය ඇතුළු මුළු අනුරාධපුර නගරයම බෞද්ධ ධජ වලින් හා බෞද්ධ රැළි පාලම් වලින් වර්ණවත් කරනු ඇත.

නව වනදා හීල් දානය පිරිනමා මහ විහාරයේ සිට බෝ අංකුරය රැගත් රිය පෙරහර අනුරාධපුර ගුවන් තොටුපල දක්වා ගමන් කරනු ඇත. අනතුරුව අනුරාධපුර ගුවන් තොටුපලේ සිට මෙය රැගෙන ගුවන් මගින් දඹකොළ පටුන දක්වා ගමන් කරනු ඇත.

එහිදී ශිලා ලේඛනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමද සිදුවන බව අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. තවද එදින දවල් යාපනය නාග විහාරයේදී දානමය කටයුත්තක්ද පැවැත්වෙන අතර එදිනම වවුනියාව මඩුකන්ද විහාරස්ථානය වෙත ගමන්කර එදින රාත්‍රි එහි ගතකරන අතර සර්ව රාත්‍රික පිරිත් දේශශනයක්ද එම විහාරස්ථානයේ දී පැවැත්වේ.

පසුදින (10) හීල් දානය පිළිගැන්වීමෙන් පසුව එම බෝ අංකුරය රැගත් පෙරහර එදින උදේ 9.00 ට පිටත්ව දඹුල්ල දක්වා ගමන් කර එදින රත්‍රිය ඓතිහාසික දඹුල්ල විහාරස්ථානයේ දී ගතකරන අතර එම විහාරස්ථානයේදී ද සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.

පසුදින (11) හීල් දානය පිළිගැන්වීමෙන් පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙතට පැමිණෙනු ඇත. එදින රාත්‍රිය එහි ගතකරන අතර සර්ව රාත්‍රී පිරිත් දේශනාවක් ද පවත්වා ආශිර්වාද ලබාදෙනු ඇත.

පසුදින (12) හීල් දානය පිරිනැමීමෙන් අනතුරුව මහනුවර සිට කෑගල්ල, ගලිගමුව හරහා ගමන් කර රාත්‍රී පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ ගතකරන අතර එහිදීද සර්ව රාත්‍රි පිරිත් දේශනාවක් පැවැත්වේ. අනතුරුව 13 දින හීල් දානය පිරිනැමීමෙන් පසුව රත්නපුරය ඇඹිලිපිටිය මිද්දෙණිය , තංගල්ල හරහා මාතර වෙහෙරහේන විහාරස්ථානයට පැමිණ එදින රාත්‍රි එහි ගතකරනු ඇත. වෙහෙරහේන විහාරස්ථානයේදී ද සර්ව රාත්‍රි පිරිත් දේශනයක් ද මේ වෙනුවෙන් පැවැත්වේ. පසුදින (14) හීල්දානය පිරිනැමීමෙන් පසුව මාතර සිට ගාල්ල කළුතර හරහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ස්ථානයට ලඟාවෙනු ඇත. එදින රාත්‍රිය එහිදී ද ආශිර්වාද සර්වරාත්‍රී පිරිත් දේශනයක් පැවැත්වෙනු ඇත.

අනතුරුව පෙබරවාරි (16) දහසය වෙනිදින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් මගින් බුද්ධගයාව වෙතට වැඩමවන මහ බෝ සමිඳුගේ පූජනීය අංකුරය පෙබරවාරි 17 දින මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බුද්ධගයා වේ රෝපණය කිරීම සිදු කැරේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]