UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලාංකේය ඓතිහාසික උරුමය දෙස් විදෙස් ජනතාවට වඩාත් අවබෝධ කර ගත හැකි පරිදි ප්‍රතිනිර්මාණය කරමින් තෙලිජ්ජවිල ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජ මහා විහාරයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකීය ඉතිහාසය පිළිබඳ සංකල්ප කෞතුකාගාරයේ ඉදිකිරීම් හා අරමුණු ඇතුළත් ව්‍යාපෘති වාර්තාව එම ව්‍යාපෘති නිර්මාතෘ පරදුව ජිනරතන හිමියන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාර දුන් අයුරු. දැනට වංශ කථාවල හා ලංකාවේ ඉපැරැණි උරුමය ප්‍රාග් ඓතිහාසික යුග පිළිබඳ සිද්ධීන් චිත්‍ර හා මූර්ති වශයෙන් ජනතාවට වඩාත් විශ්වාසය හා අවබෝධය ලැබෙන පරිදි ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කිරීම මෙම සංකල්ප කෞතුකාගාරයේ අරමුණයි. දෙස් විදෙස් ජනතාවට ලංකාවේ ඓතිහාසික උරුමය එක් ස්ථානයක සිට අධ්‍යයනය කිරීමට අවස්ථාව එමඟින් උදාවනු ඇත. ව්‍යාපෘති වාර්තාව භාරදීමේ අවස්ථාවට ගලගම ධම්මරංසි හිමියෝ ද සහභාගි වූහ.

පඬුවස්නුවර සහශ්‍ර පූජා පින්කම 11 දා අනුරාධපුර දී

ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරාධිපති උහන්ගොඩ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා මත පඬුවස්නුවර හා විතිකුලිය යන විහාරස්ථානවල දායක පිරිස, වයඹ සරණ පදනම, කුලියාපිටිය මෙත්තිය කාන්තා සංවිධානය සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරන සහශ්‍ර පූජා මහා පින්කම 11 වැනි වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ජනවාරි මස 11 වැනි දින පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]