UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පඬුවස්නුවර සහශ්‍ර පූජා පින්කම 11 දා අනුරාධපුර දී

ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරාධිපති උහන්ගොඩ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා මත පඬුවස්නුවර හා විතිකුලිය යන විහාරස්ථානවල දායක පිරිස, වයඹ සරණ පදනම, කුලියාපිටිය මෙත්තිය කාන්තා සංවිධානය සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරන සහශ්‍ර පූජා මහා පින්කම 11 වැනි වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ජනවාරි මස 11 වැනි දින පැවැත්වේ.

ජනාධිපතිවරයා ඇතුළු රජයටත් ආරක්‍ෂක අංශවල රණවිරුවන්ටත් ලක්වැසි සැමටත් උදාවන නව වසරටත් සෙත්පතා එම පින්කම පැවැත්වේ.

ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත ගිලන්පස මල්පහන් පූජා කිරීම මෙදින උදේ වරුවේ දී සිදු කෙරෙන අතර, මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි අටපිරිකර සහිතව දානය පිරිනැමීම මෙදින දවල් සිදුකෙරේ.

පස්වරු තුනට පමණ පූජා භාණ්ඩ රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිට රුවන්මැලි චෛත්‍ය කරා ගමන් කර සියලු පූජා භාණ්ඩ එහිදී පූජා කෙරේ. අනතුරුව රැකව ජිනරතන නාහිමියන් විසින් එහිදී ධර්මදේශනයක් පවත්වනු ලැබේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, නාහිමි, රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, මහනුවර මල්වතු මහා විහාරයීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමි පඬුවස්නුවර රාජ මහා විහාරාධිපති උහන්ගොඩ රතනසාර යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය එම පින්කම සඳහා වැඩම කරවීමට නියමිතය.

උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය හා පඬුවස්නුවර සහශ්‍ර පූජා පදනමේ සභාපති කේ.එච්.නන්දසේන හා දේශබන්දු ආරියවංශ කීර්තිසිංහ යන මහත්වරු පින්කම සංවිධානය කරනු ලැබේ.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, කෘෂිකර්ම අමාත්‍ය කේ.එච්.නන්දසේන යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]