UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජර්මන් ධර්මදූත සංගමයේ බර්ලින් විහාරයේත් මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනය නිර්මාතෘ අසෝක වීරරත්න (පූජ්‍ය මීතිරිගල ධම්මනිසන්ති හිමි) අපවත් වීමෙන් පසු පවත්වනු ලබන 11 වන ගුණානුස්මරණ උත්සවය ජර්මන් ධර්මදූත සංගමය හා මීතිරිගල නිස්සරණ වන සංරක්‍ෂණ මණ්ඩලය එක්ව ඔක්තෝබර් මස 22 වන දා මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය භාවනා ශාලාවේ දී පැවැත්විණි. මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය ප්‍රධාන උපාධ්‍යාය පූජ්‍ය යූ. ධම්මජීව හිමියන් සහ ජර්මන් ධර්මදූත සංගමයේ සභාපති වෛද්‍ය මානෙල් ලක්දිව්දාස් මහත්මිය ජර්මන් ධර්මදූත සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ජයදේව තිලකසිරි, මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සංරක්‍ෂණ මණ්ඩලයේ ලේකම් හේමන්ත රණවක ජර්මන් ධර්මදූත සංගමයේ ලේකම් සේනක වීරරත්න මහත්වරුද එහිදී අදහස් දැක්වීය.

ඔස්ට්‍රියා වියානා ප්‍රධාන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය විජය රාජපුර ශීලවංශ නාහිමියන්ගේ උත්සාහය මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දින බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයක් වියානා විශ්වවිද්‍යාලයේ තුළ ආරම්භ කරන ලදී. ඒ මඟින් ජර්මන් – ඉංගී‍්‍රසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ඩිප්ලෝමා උපාධි සඳහා අවස්ථාව උදාකරගත හැක. එහි යුරෝපා රටවල වෙසෙන දූ දරුවන්ට තමන්ගේ දැනුම දියුණු කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් ද වන අතර 2011 වසරේ උදාවන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ආශිර්වාදයක් ද වේ. එම අධ්‍යයන අංශය ආරම්භ කළ අවස්ථාවට වැඩම කළ සඟරුවන මෙහි වෙති.


ජාතික සිල් මාතා සංගමයේ 24 වන සමුළුව අනුරාධපුර මහා විහාර සන්නිපාත ශාලාවේ දී ඉකුත් දා පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ගොවිජනසේවා හා වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී.ඒකනායක මහත්වරු පොල්තෙල් පහන දැල් වූ අවස්ථාව.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මඟින් අඩු ආදායම්ලාභී සිසුන් සඳහා වාර්ෂිකව සිදු කරනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානය පසුගියදා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී සිදු කැරිණි. එම පදනම මඟින් ශිෂ්‍යාධාර ප්‍රදානය සඳහා මෙවර තෝරාගත් වෛද්‍ය සිසුන් 30 දෙනා සමඟ 2011 වසර සඳහා ශිෂ්‍යාධාරලාභීන් ලෙස සිසුන් සිය දෙනකු සුදුසුකම් ලබා ඇත. රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දරු දැරියන් සඳහා කෙරෙන විශේෂ රණවිරු සමරු ශිෂ්‍යාධාර ප්‍රදානය සහ අඩු ආදායම්ලාභී සරසවි සිසුන් සඳහා කෙරෙන මූල්‍ය අනුග්‍රහය මෙවරද සිදු කැරේ.
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ සභාපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි පදනමේ අධ්‍යක්‍ෂ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමි, එම පදනමේ නියෝජිතයන් වන කොළඹ දිසා සහකාර අධ්‍යක්‍ෂ (පිරිවෙන්) විතාරන්දෙණියේ මේධානන්ද හිමි විශ්‍රාමලත් ආගමන විගමන නියෝජ්‍ය පාලක පරාක්‍රම ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශ්‍රාමලත් වැඩ සටහන් අධ්‍යක්‍ෂක ඩබ්ලිව්. එස්. ගුණතිලක, නීතිඥ සෙනෙවිරත්න වික්‍රමසිංහ, කථිකාචාර්ය නිලන්ත දිසානායක යන මහත්වරුන් සමඟ ශිෂ්‍යධාර ලාභී සිසු සිසුවියෝ ඡායාරූපයේ වෙති.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]