UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 නිව්යෝර්ක් බෞද්ධ විහාර‍ෙය් දී ජනාධිපතිතුමාට සෙත් පතති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 63 වන සමුළුවට සහභාගි වීමට අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 21 වන දා සවස නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ද ගියේය. එහිදී විහාරාධිපති වල්පළ පියනන්ද නා හිමියන් පිරිත් නූලක් ගැට ගසා ජනපතිට ආශිර්වාද කළ අයුරු
ඡායාරූපය - සුදත් සිල්වා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවි ප්‍රාප්ත

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින් 3 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් වී ඇත. මෙම සභාපති පදවිය සමස්ත අමරපුර මහා නිකායේ ම අනුනායක පදවිය සේ සැලකේ. මෙතෙක් උන්වහන්සේ අනුනායක පදවිය දරන ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක් පාර්ශ්වයක ය. එවන් උසස් තනතුරකට උන්වහන්සේ පත්වීම පිළිබඳව සුබ පතමි. ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති මැතිතුමාණන් විසින්, මෙම ඔක්තෝම්බර් මස 03 වැනි කිවි දින ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදු කෙරේ.

ඉතිරිය»

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]