UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ජගත් කුමාර මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර තිස් නව වන වියේ පසුවෙයි. ඒ මහතාට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක් කරන අතර 011 –2243900 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ජා ඇළ ශාඛාවේ 100360332950 ගිණුම වෙත පරිත්‍යාග යොමු කළ හැකි බවද කියයි.


තිදරු මවක් වන ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ ආචාර්යවරියකි.

ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වේ නම් ඉහත ලිපිනයට හෝ 0777 – 036391, 091 – 2267185 දුරකථන අංකයට දන්වන ලෙස රෝගියාගේ ස්වාමි පුරුෂයා වන මෙත්තානන්ද ගොඩැල්ලගේ මහතා ඉල්ලීමක් කරයි.


කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කමකට සහාය ඉල්ලයි

බී.එල්. පී. සිරිපාල මහතා කිතලගම, නැගෙනහිර 02, ග්‍රාමසේවා වසමේ සදරු, අරලිය මාවත, තිහගොඩ ලිපිනයෙහි බිරිඳ හා දරු තිදෙසා සමග පදිංචි දරන බව කියති. වයස අවුරුදු 03 ක් වූ බී.එල්. පී. සඳසි මිහිසඳි නමැති ඒ මහතාගේ දියණිය කථන ආබාධයකින් පෙලෙන බව නිරීක්‍ෂණය වූ බැවින් අදාළ විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කරන ලද පරීක්‍ෂණ වලින් පසුව ඇය ශ්‍රවණ ආබාධයකින් පෙලෙන බවත් ඒ හේතුවෙන් කථා කිරීමට නොහැකි බවද දැනුම් දී ඇති බව කියයි.

ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කිරීම සඳහා කොළඹ පුද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍ය වෙත ඉදිරිපත් කරන ලද විශේෂ පරීක්‍ෂණ වලින් පසුව දියණියගේ ශ්‍රවණය ඉතාම දුර්වල බවත්, ඒ හේතුවෙන් කථා කිරීමේ හැකියාවක් නොමැති බවද දන්වනා ඇතැයි කියති. නමුත්, ශ්‍රවණ ස්නායු හොඳ තත්ත්වයේ පවතින බැවින් කර්ණ ශංඛ බද්ධ කිරීමෙන් ඇයට කථා කිරීමේ හැකියාව ලබා දිය හැකි බවද දන්වා ඇති බවත් කියයි.

දියණිය මාස තුනේ දී හදවත් සැත්කමක් සඳහා භාජනය කර ඇති බැවින් ද මෙම සැත්කම විශේෂඥ වෛද්‍ය ටී.ආර්.සී.රුබේරු මහතා මාර්ගයෙන් සිදුකර ගැනීමට තීරණය කර ඇති බවද කියයි. ඒ සඳහා අයකරනු ලබන මුදල රු. 28, 50, 000/- ක් බව රෝහල් බලධාරීන් විසින් ලිඛිතව ඔහුට දන්වා ඇතැයි කියති.

ඔහු දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල්, කාංචනාකුඩා කඳවුරෙහි මෙහෙයුම් රාජකාරි නිරතව සිටින නිලධාරියෙක් වන අතර ඔහුට ලැබෙන වැටුප හැර වෙනත් කිසිදු අමතර ආදායම් මාර්ගයක් ද නොමැති බවද කියයි. පර්චස් 10 ක ඉඩමක, අඩක් නිමකර ඇති නිවසක් පමණක් ඇති අතර වෙනත් නිශ්චල දේපලක් ද නොමැති බවත් කියයි.

කරුණු එසේ හෙයින්, මේතරම් විශාල මුදලක් සොයා ගැනීම ඔහුට ප්‍රශ්නයක්ව තිබෙන බැවින් ජනාධිපති අරමුදලින්, නෑදැහිතවතුන් මාර්ගයෙන් හා ඔහුගේ ආයතනය තුළින් ද යම් ආධාර මුදලක් ලබාදෙන ලෙස ඉල්ලුම් කර ඇතැයිද කියති. ඔහුගේ දියණිගේ වයසත්, ඇයගේ අනාගතයත් පිළිබඳව අවධානය යොමුකොට ඇයගේ මෙම සැත්කම සාර්ථකව කර ගැනීම සඳහා මාතර මහජන බැංකුවේ, උයන්වත්ත ශාඛාවේ අංක 032200152508535 දරන එන්. හිමාලි ප්‍රදීපා දිසානායකගේ (බිරිඳ) ගිණුමට ආධාර පිරිනමන්නැයි ඉල්ලීමක් කැරේ.

බූස්ස, පිටිවැල්ල, ‘දීප්ති’ නිවසේ පදිංචි 52 හැවිරිදි බන්දු විජේරත්න නමැත්තිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]