UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

‘අන්ක්ටාඩ්’ මහා ලේකම් වරයාගේ
බරණැස වන්දනා චාරිකාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UNCTAD ආයතනයේ මහා ලේකම් තායිලන්තයේ හිටපු උප අගමැති ආචාර්ය සුපචයි පනිඩ්පක්ඩි මහතා නොබෝදා ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදායට පැමිණ ආශිර්වාද ලබා ගත්තේ ය. බෞද්ධ රටක නායකයකු ජගත් ආයතනයක ඉහළ තනතුරකට පත්වීම පිළිබඳ සතුට පළකළ ඉන්දීය මහාබෝධි සමාගම, නව දිල්ලි නුවර රජයේ ඉහළ නිලධාරීන් හා උතුරු ඉන්දියාවේ ආණ්ඩුව සමඟ එක් වී එතුමා ගෞරවයෙන් පිළිගත්තේය. පින්තූරයෙන් දැක්වෙන්නේ ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහලේකම් බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UNCTAD ආයතනයේ මහා ලේකම් තනතුරට පත් තායිලන්තයේ හිටපු උප අගමැතිවරයාට ආශිර්වාද කොට උපහාර දැක්වූ අයුරු.

 මොනරාගල වැලියාය සිරිපියරතන විද්‍යායතන පිරිවෙනේ අභිනව අටවිසි බුද්ධ ප්‍රතිමා සහිත චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීම පසුගියදා සිදු කැරිණි. වැලියාය සිරිපියරතන විද්‍යායතන පරිවේණාධිපති කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමියන්ගේ ආරාධනය පරිදි චෛත්‍යය සඳහා කොත්වහන්සේ ප්‍රදානය කරන ලද්දේ එස්. අබේරත්න මහතා විසිනි. කොත් වහන්සේ පැළඳවීමද ඔහු අතින් සිදු කැරිණි. කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමියන් අතින් කොත් වහන්සේ නිරාවරණය කළ අවස්ථාව. මීරියබැද්දේ උපනන්ද, ගල්ටැම්වත්තේ චන්දජෝති, බටුගම්මන පඤ්ඤාරතන, මල්වානේ පඤ්ඤාසාර නා හිමිවරුන් ඇතුළු ශතකාධික මහා සංඝරත්නය ද, කාන්තා අභිවෘද්ධි හා ළමා සංවර්ධන කටයුතු ඇමැතිනී, සුමේධා ජී. ජයසේන මහත්මියද, ජාතිය ගොඩනැඟීමේ හා වතුයටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, මොනරාගල දිසා ලේකම් එම්.බී. දිසානායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. අමරසේකර, මොනරාගල පොලිස් අධිකාරි අමරසිරි සේනාරත්න යන මහත්වරුද,රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද ප්‍රදේශවාසී බෞද්ධ බැතිමතුන් බොහෝ දෙනා ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප හා විස්තර කේ.බී. රත්නායක, මොනරාගල සමූහ.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]