[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාව මගින් මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරාධිවාසී, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, සරභඤ්ඤ විසාරද මාපලගම බුද්ධසිරි නාහිමියන් වෙත පිරිනමන ලද දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසින් කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පිරිනමන ලද අවස්ථාව

පොසොන් පෝ දා කැලණිය ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දි කුල දරුවන් පැවිදි කිරීමේ පින්කමක් සංවිධානය කර තිබුණි. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කමේ සියලු කටයුතු සංවිධානය කර තිබුණි. ඡායාරූප :– ජූඩ් ඩෙන්සිල් පතිරාජ

තිස්සමහාරාම කුඩා ගම්නාන 03, හ/ බෙරලිහෙල කණිෂ්ඨ විද්‍යාලයට අඩුවක් ව පැවති බුදු මැදුර විදුහල්පති කඳුරගේ දිනේෂ් රවීන්ද්‍ර මහතාගේ ඉල්ලීම පරිදි, ඔරුවල අතුරුගිරියේ පදිංචි තුශාර සංජීව මහතා සහ එම මහත්මියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ද, බුදු පිළිම වහන්සේගේ පිළිරුව මහරගම පදිංචි අනුර පෙරේරා මහතා සහ එම මැතිණිය වන අනීතා මනෝරි මහත්මියගේ අනුග්‍රාහක දායකත්වයෙන් ද පසුගිය දා සිසු අයිතියට පවරන ලදී.

පොසොන් පොහොය නිම්තිකොට වැල්ලම්පිටිය තරුණ බෞද්ධ සංගමය සංවිධානය කරන ලද මල් පෙරහර, පොසොන් සදහම් ගී හා සිල්මාතාවන් විසින් කරන ලද සෙත් පිරිත් දේශනාවක් ද ඇතුළු පින්කම් රැසක් වැල්ලම්පියේ පිහිටි එම මූලස්ථාන ගොඩනැගිල්ලේ දී සිදුකෙරුණි. කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]