[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු තෙමඟුල සිහි කර සැදැහෙන පිළිවෙත් සපුරා ලබමු නිවන් සුව

මේ කාලවකවානුව තුළ උන්වහන්සේ පිළිබඳ සිදු වූ සියලු උපතක් ම බෝසත් උපතකි. ඒ සියල්ල බෝසත් කෙනකුගේ උපත් වන බැවිණි. විශේෂයෙන් බෝසත් උපත ලෙස ව්‍යවහාර කරන්නේ සිදුහත් කුමරුගේ උපතයි. බුදු බව ලැබීමට අදාළ පාරමිතා සම්පූර්ණ කොට ලැබුව උපත එය නිසාත්, බෝසතාණන් වහන්සේ සසරෙහි ලැබු අවසාන උපත නිසාත් මෙය විශේෂීත කොට සලකනු ලැබේ. එවකට ශාක්‍ය වංශික රාජ්‍යයක් වූ කපිල වස්තුවේ රජ කළ සුද්ධෝදන රජුගේ වැඩිමහලු පුත්‍ර රත්නය ලෙස මහාමායා දේවිය කුසින් සිදුහත් කුමරු බිහිවූයේ මේ වෙසක් පුන් පෝ දිනයේ ය. තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසට පිවිසිය බව මජ්ක්‍ධිම නිකායේ අච්චරියධම්ම සූත්‍රයෙහි වදාළ සේක. ඒ සිදුවීම මහාමායා දේවිය සිහිනෙන් දැක ඇත. සුදු ඇත්පැටවකු සුදු නෙළුම් මලක් සිය සොඬයෙන් දරාගෙන තමාගේ කුසට ඇතුළු වන සිහිනයක් දුටු බවයි. විශ්වයේ එක්තැනක සිදුවන දෙයක් සුළු වශයෙන් හෝ සෑමතැනට ම දැනෙන බව නූතන විද්‍යාඥයන් ද හෙළි කර ඇත. එහෙත් එම පැතිරීම ඒවායේ ස්වභාවය අනුව විවිධ වේ. බුද්ධත්වයට සුදුසුකම් සපුරා උපන් සිදුහත් කුමරුගේ උපතෙහි ද විවිධ සිදුවීම් ඇති බව සඳහන් වෙයි. දරු ගැබ මේරීමෙන් පසුව සිය මවුපියන්ගේ නිවෙසට මහාමායා දේවිය කැඳවා ගෙන යන අතර, ලුම්බිණි සල් උයනේ දී දරු උපත සිදු විය. කලාතුරකින් ලොවට පහළවන බුදුරදුන්ගේ උපත උන්වහන්සේගේ ඉගැන්වීම් අගය කරන ජනයා මංගල්‍යයක් ලෙස සලකති. මංගල්‍යය නම් යහපතකි. විවාහ වීම, ගෙයකට පිවිසීම, අභිෂේක ලැබීම වැනි මඟුල්වලින් ඇති වන බලය සීමිත ය. ස්වල්ප කාලීන ය. බුදු බව ලැබීමෙන් ලොවට සිදුවන යහපත අසීමිත ය. දිගුකල් පවතින්නක් ද වේ. එහෙයින් මෙය පළමුවන බුදු මඟුල ලෙස සලකා තිබේ.


වෙසක් අව අටවක

මැයි 20 අඟහරුවාදා පූ.භා 05.53 අව අටවක ලබා 21 බදාදා පූ.භා. 04.57න් ගෙවේ.
20 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]