ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් පුර අටවක පෝදා 2024 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් අතර කාලයේ රජකම් කළා අතිදේව නමින් රජ කෙනෙක්. මොහුට හිටියා එක් පුතෙක්. පියාගේ මරණයෙන් පස්සේ රජකම ලැබුණා. පළවෙනියට ම මේ තරුණ රජතුමා කළේ මහා භාණ්ඩාගාරයේ කෙතරම් වස්තුව තියෙනවා ද කියා සොයන එක. රත්රන්, මුතු, මැණික්, කහවණු එහි පිරී තිබුණා. ඒත් සෑහීමකට පත්වුණේ නම් නෑ. පියතුමා රැස් කළාටත් වඩා ධනය රැස් කර සැප සේ ජීවත් වෙන්න කල්පනා කළා. තනියම නිතර නිතර හිතමින් රටවැසියාගෙන් ධනය ලබා ගන්න විදිහක් කල්පනා කළා. මේ තරුණ රජතුමාට වඩාත් ම හිතවත් ඇමැතියකුට තමන්ගේ අදහස කිව්වා. එවිට ඇමැතියා කියනවා ‘රජතුමනි, ඇයි මෙච්චර ඔය ගැන හිතන්නේ ධනය රාජ භාණ්ඩාගාරයට ගෙන එන්න එච්චර අමාරු නෑ. අපේ රටේ ජනපදවල ඉන්නවා මහා ධන කුවේරයෝ, ඒවගේ ම ඔවුන්ට තිබෙනවා. රන්, රිදී, මුතු, කහවණු ආදී සියල්ලක් ම. රන් ආභරණ, රන් භාජන පවා ඇති වෙන්න තිබෙනවා. කෝටි ගණන් රන් කාසිත් තිබෙනවා. අපි ඒවා රාජ නීතියෙන් ගමු‘යි යෝජනා කළා. රජතුමාත්, ඇමැතිවරයාගේ කතාවට සවන් දී කියනවා ‘හොඳයි, එහෙනම් අපි කරන්න ඕන පළමු කටයුත්ත තමා ඔබ කියන තරමේ ධනයක් රටවැසියාට තිබෙනවා ද කියලා හොයා බලන එක. ඒක නිසා අපි දෙන්නා ගැමියන් දෙන්නකුගේ බොරු වේශයක් ගෙන නගර ගම් දනව්වලට ගොස් බලමු‘යි යෝජනා කළා.
ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
ඔක්තෝබර් 10
පසළොස්වක
ඔක්තෝබර් 17
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]