[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පටු සිතේ අනතුරින් මිදී වැඩූ සිතක අසිරිය

සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ජීවන රටාව එහෙම පිටින් ම ගොඩනැඟෙන්නේ ශරීරයට සම්බන්ධව යි. අපි හැමෝම බොහොම වෙහෙස මහන්සි වෙලා නහවන්නේ, කවන්නේ, පොවන්නේ, පිරිමදින්නේ, සතපවන්නේ, සරසවන්නේ, සනසවන්නේ අපට ලැබුණු මේ ශරීරය. හැබැයි, අපි කිසිම කෙනකුට මියයන විට මේ ශරීරය ගෙනියන්න බැහැ. කාට කාටත් පරලොව යන්න සිද්ධ වෙන්නේ ශරීරය මෙහි තිබියදී යි. කෙනෙක් මරණයේ දී හැර දමා යන ඒ ශරීරයට ඥාති හිත මිත්‍රාදීන් එක්රැස් වෙලා ගරු බුහුමන් දක්වනවා. ජීවයක් නැති ඒ ශරීරය ගෞරවනීය ආකාරයෙන් බැහැර කරන්න කටයුතු සම්පාදනය කරනවා. මවුපියන් නිසා හට ගන්න, ආහාරපානයන්ගෙන් පෝෂණය වෙන, පිරිමැදීම්, නැහැවීම්වලින් නඩත්තු වන මරණයේ දී අත්හරින මේ ශරීරයට කියන නමක් තමයි’, ‘කරජකාය’. කැඩීම් බිඳීම් ආදියෙන් විනාශ වෙලා යන ශරීරය මත සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතය ගොඩනැඟෙනවා වුණත් අනාවරණ ප්‍රඥා ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගමන ගැන කරන අපූරු හෙළිදරව්වේ දී මේ ජීවිත පැවැත්ම සකස් වෙන්නේ චිත්ත මාත්‍රයකින් කියලයි කියැවෙන්නේ. “පින්වත් මහණෙනි, මේ මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි.” සාමාන්‍ය ලෝකයේ අපට හැම වෙලේ ම අරමුණු වන්නේ කායික ව පෙනී යන සත්වයෙක්. නමුත්, ජීවිතාවබෝධයේ පරිපූර්ණත්වයට පත්ව වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත හා බැඳී ගත් සසර ගමනේ යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම පෙන්වා දුන්නා. “පින්වත් මහණෙනි, දැන දැන චේතනා පහළ කොට, දැනගෙන ම කරන ක්‍රියාවේ විපාක විඳින්නේ නැති ව අවසන් වෙන්නේ නැහැ. එක්කෝ ඒ විපාක මේ ජීවිතයේ දී විඳින්න වෙනවා. එක්කෝ ඊළඟ ආත්මයේ විඳින්න වෙනවා. එක්කෝ නිවන් දකිනා තුරු විඳින්න වෙනවා.”


වප් පුර අටවක

 ‍ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]