[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තිත්තිර ජාතක කතාව ඇසුරිනි

දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

ජීවිත යාත්‍රාව අවබෝධයෙන් පදවන්න

යථාවාරි වහා පූරා – පරිපූරෙන්ති සාගරං - එවමෙව ඉතො දින්නං – පෙතානං උපකප්පති, තුන් ලෝ තලයක් ආලෝකවත් කළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අනුව අපේ මුතුන් මිත්තන් ජීවිතය හැඩගස්වා ගත්තා. පින්වතුනි, ජීවිතය නමැති රඟමඩලේ රඟ දක්වන්නාවූ නාටක නාටිකාවන් පිරිසක් තමයි, ස්ත්‍රී පක්ෂය. පුරුෂ පක්ෂය කියන්නේ, අට ලෝ දහමට අනුව ගහන බෙර පදයට අනුවයි අප සියලු දෙනාම රඟ දක්වන්නේ. මරණය නමැති තිරය වැහුණදාට සියලුම රඟ දැක්වීම් හමාරයි. මව්කුස පිළිසිඳ ගන්නා මනුෂ්‍යයා ප්‍රතිසන්ධියට පත්වූයේ, මව්කුස වෙසේද? හෙතෙම අහසට නැඟුණ වලාකුළක් ක්ෂණයක් නොනැවතී යන්නා සේ ම මරණයට අභිමුඛව සයනය කරයි. මරණය යනු හේතුවක ප්‍රතිඵලයක් ‘හේතු පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ජති, හටගැනීම, ටික කලක් පැවතීම, විනාශවීම, සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියලුම වස්තුන් විනාශවීම යන මේ ලෝක ධර්මතාවට අප සියලු දෙනාට ම යටත් වෙන්න සිද්ධ වෙනවා. අප පවුල්වල කවුරු හෝ මිය පරලොව ගිය ඥාතීන් ඉන්නවා. අප මළ කඳන් දැක තිබෙනවා. පින්වතුනි කෙනෙක් මිය පරලොව ගියාම ධර්මානුකූලව කළ යුතු යුතුකම් ජීවත්ව සිටින ඥාති වර්ගයාට කළ යුතුව තිබෙනවා.

ශාසනික වගකීම් තොරවූ කල ධර්ම විනය ආරක්ෂා නොවේ

බුදුරදුන් ජීවමාන සමයෙහි ම සංඝ සමාජයේ සමගිය දෙදරා ගිය සුප්‍රකට අවස්ථා දෙකක් දැකිය හැකි ය. කොසඹෑ නුවර ඝෝෂිතාරාමවාසී භික්ෂූන් වහන්සේ අතර විනය ආපත්තියක් මුල් කරගෙන ඇති වූ මතභේදයේ දී ධර්මධර හා විනයධර වශයෙන් බෙදී ගිය භික්ෂූන් අන්‍යොන්‍ය වශයෙන් විරුද්ධවාදීකම් කරග ත් බව මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය සූත්‍රයේ සඳහන් වෙයි. බුදුරදුන් අවවාද කළ ද එයට අවනත නොවූ බැවින් උන්වහන්සේ වනගත කිරීමට තරම් මෙම භේදය උග්‍ර වූ බව සැලකිය යුතු ය. එම භික්ෂු පිරිස බුදුරදුන්ගේ අවවාදය තුන්වැනි වරට ද ප්‍රතික්ෂේප කිරීම ධර්ම සංවේගය දනවන සුවිශේෂී සිද්ධියකි. ගෘහස්ථ දායකයින් පිණ්ඩපාතය වළකනතුරුම කලහය පැවතිණ. මෙය ස්වකීය ශාස්තෘවරයාට සංඝ සමාජය අවනත නොවූ අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකි ය. දේවදත්ත තෙරුන් සංඝ භේදය සිදුකිරීමට උත්සාහ කිරීම භික්ෂූන් වහන්සේගේ සමගිය බිඳී ගිය දෙවැනි අවස්ථාවයි. භික්ෂු පිරිස ගේ පරිපාලනය සියතට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ කල දෙව්දත් තෙරුන් කෝකාලික සහ සමුද්දදත්ත යන භික්ෂූන් ද කැටිව ගොස් බුදුරදුන්ගෙන් මෙම පංචවරය ඉල්ලා සිටියේ ය.

සම්බුද්ධ නමස්කාරය ජීවිතයට පුරුදු කරමු

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වදාරන අවස්ථාවේ දී උන්වහන්සේ අධිෂ්ඨාන කළේ ඒ අසිරිමත් ධාතුන් වහන්සේ විසිරී යාමට යි. එනිසයි අප ඒ විසිරුණු ධාතුන් වහන්සේ තැන්පත් කර ස්තූප ඉදිකර ඉතා ගෞරවයෙන් අදටත් වන්දනා කරන්නේ. ගෞතම බුදුරදුන්ට පෙර තිබූ සම්බුද්ධ ශාසනයේ පහළ වී වදාළේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අධිෂ්ඨාන කළේ ඒ සම්බුද්ධ ධාතුන් වහන්සේ විසිරී ඒකඝන වීමට යි. එනිසාම ධාතුන් වහන්සේ එකට ම පිහිටියා. හරියට රනින් කළ පිළිමයක් සේ ධාතුන් වහනසේ වැඩ සිටියා. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව බ්‍රහ්මයෝ, දෙවිවරු, මිනිසුන්,නාගයන් ආදි සියලු දෙනා ඒකරාශි වෙලා බුදුරජාණන් වහන්සේ උදෙසා සෑයක් කිරීමට ඉදිරිපත් වුණා. ඒ නිසා මේ සෑය විශේෂ සෑයක් බවට පත්වුණා. බාහිරට ඒ සෑය පෙනුණේ තනි රනින් ඉදිකළ සෑයක් ලෙසයි. දෙව් ලොවින්, නා ලොවින් ලැබෙන රත්තරන්වලින් සෑරදුන්ගේ ගඩොල් නිර්මාණය වුණා. හතර ගව්වක් උස මහා සෑරදුන් වහන්සේ ඉදිවුණා. අප අද වන්දනා කරන ස්වර්ණමාලි මහා සෑරදුන් අඩි 321 ක් උසින් යුතු සෑරදුන් වහන්සේ අපේ පියවි ඇසට මොනතරම් සුවිශාලව පෙනෙනව ද? ගව් හතරක් උසයි කියන්නේ මොනතරම් පින්බර නිර්මාණයක් වෙන්නට ඇති ද?ඒ කාලයේ මේ සෑ රජාණන් වහන්සේ හැඳින්වූයේ ස්වර්ණ මහා සෑරදුන් වහන්සේ ලෙසයි. මේ ස්වර්ණ මහා සෑරදුන් වන්දනා කිරීමට බ්‍රහ්මයෝ බ්‍රහ්ම ලෝකයේ සිට, දෙවියෝ දෙව්ලොව සිට, නාගයෝ නා ලොව සිට වන්දනාවට එනවා. මිනිසුන් සාධු! සාධු! කියලා මේ ස්වර්ණ මහා සෑ රදුන් වන්දනා කරනවා. මේ කාලයේ අපූරු සිදුවීමක් සිදුවුණා.

හොඳට නරකට මිතුරු ඇසුර

මිනිස් ජීවිතයක් ලබා ගෙන මෙලොව උපදින අපි මුලින්ම මවුපියන් ඇසුරින් හොඳ, නරක, යහපත් දෙය, අයහපත් දෙය පින්,පව් හඳුනා ගනිමු. ඉන් පසු පාසල් අවධියේදී ගුරුවරුන්ගේ ඇසුර ලබමින් තවදුරටත් දැනුම පුළුල් කර ගනිමු. පාසල් ජීවිතයේ දී මිතුරන්ගේ ඇසුරට පත්වෙමු. ඒ අය නිසා අප තුළ ඇති හොඳ සිරිත්, විරිත් ටිකෙන් ටික ඈත් වන්නේ නම්, ඒ ඇසුර හොඳ ඇසුරක් නොවේ. ඒ අයගේ ගති පැවතුම්, සිතුම් පැතුම් අදහස් චරිත ස්වභාවයන් නිසා අප තුළ පැවැති ශ්‍රද්ධාව, සිල්වත් බව, කීකරු බව, සංවර බව ටිකෙන් ටික ඈත් විය හැකියි. සමහරවිට ඉතාම ගුණ යහපත් අවංක, සංවර පුද්ගලයෙක් අසංවර, නොහික්මුණු, දුශ්ශීල පුද්ගලයකු වන්නට ද හැකියි. සතුන් මැරීම, අන් සතු දේ නොදන්වා ගැනීම, කාම මිත්‍යාචාරය, සුරාපානය ආදියේ යෙදෙන කෙනෙකුගේ ඇසුර නිසා ඒ අයගේ අයහපත් කායික, වාචසික, මානසික ක්‍රියාවන්ට පෙළඹෙන පුද්ගලයකු බවට ද පත්විය හැකි ය. බොරු කියන, අනුන් හෙළා දකින, වැඩකට නැති අනවශ්‍ය වචන කතා කරන, කේලාම් කියන, අනුන් භේද කරන අයගේ ඇසුරට පත්වීමෙන් එවැනි වචී දුෂ්චරිතයන්ට ඇබ්බැහි විය හැකි ය. ඊර්ෂ්‍යාව, ගුණමකුකම, කුහකකම, තණ්හාව, මානය, ලජ්ජා නැති බව, ආදී මනෝ දුෂ්චරිත ඇත්තවුන් හා එක්ව කටයුතු කිරීම නිසා එවැනි අයගේ අදහස් තමාගේ සිත තුළ ද වර්ධනය වීමට ඉඩ ඇත. මෙවැනි කාය වංක, වචී වංක, මනෝ වංක අයගේ ඇසුරින් තමාගේ සිල්වත් බව, ප්‍රඥාව, ගුණවත් බව, ලජ්ජාශීලි බව,පරිත්‍යාගශීලි බව, මෛත්‍රී සහගත බව, දිනෙන් දින පිරිහී යන්නේ නම්, තමා නොදැනීම ටිකෙන් ටික අපායගාමී පුද්ගලයකු වනු නොඅනුමාන ය.

දුරුතු අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]