[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ජීවිත යාත්‍රාව අවබෝධයෙන් පදවන්න

යථාවාරි වහා පූරා – පරිපූරෙන්ති සාගරං - එවමෙව ඉතො දින්නං – පෙතානං උපකප්පති, තුන් ලෝ තලයක් ආලෝකවත් කළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අනුව අපේ මුතුන් මිත්තන් ජීවිතය හැඩගස්වා ගත්තා. පින්වතුනි, ජීවිතය නමැති රඟමඩලේ රඟ දක්වන්නාවූ නාටක නාටිකාවන් පිරිසක් තමයි, ස්ත්‍රී පක්ෂය. පුරුෂ පක්ෂය කියන්නේ, අට ලෝ දහමට අනුව ගහන බෙර පදයට අනුවයි අප සියලු දෙනාම රඟ දක්වන්නේ. මරණය නමැති තිරය වැහුණදාට සියලුම රඟ දැක්වීම් හමාරයි. මව්කුස පිළිසිඳ ගන්නා මනුෂ්‍යයා ප්‍රතිසන්ධියට පත්වූයේ, මව්කුස වෙසේද? හෙතෙම අහසට නැඟුණ වලාකුළක් ක්ෂණයක් නොනැවතී යන්නා සේ ම මරණයට අභිමුඛව සයනය කරයි. මරණය යනු හේතුවක ප්‍රතිඵලයක් ‘හේතු පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ජති, හටගැනීම, ටික කලක් පැවතීම, විනාශවීම, සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියලුම වස්තුන් විනාශවීම යන මේ ලෝක ධර්මතාවට අප සියලු දෙනාට ම යටත් වෙන්න සිද්ධ වෙනවා. අප පවුල්වල කවුරු හෝ මිය පරලොව ගිය ඥාතීන් ඉන්නවා. අප මළ කඳන් දැක තිබෙනවා. පින්වතුනි කෙනෙක් මිය පරලොව ගියාම ධර්මානුකූලව කළ යුතු යුතුකම් ජීවත්ව සිටින ඥාති වර්ගයාට කළ යුතුව තිබෙනවා.


දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]