[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කර්මය නම් කුමක්ද?

අපේ ක්‍රියාවනට අනුකූලව ක්‍රියාත්මක වන, පුද්ගලයකුගේ බලපෑමක් නැති, ස්වභාවික න්‍යායක් ලෙස කර්මය හැඳින්විය හැකි ය. එය නීති දායකයකු නොමැතිව නීතියක් නොහොත් ධර්මතාවක් ලෙසින් පවතින්නකි. කර්මය ක්‍රියාත්මක වන්නේ එයට ම ආවේණික වූ ක්ෂේත්‍රයක ය. බාලයකු සරල බසින් කර්මය කුමක්දැයි මෙසේ දක්වනු ඇත. එනම්, හොඳක් කරන්න. ඒ හොඳ ඔබට දැන් හෝ පසුව හෝ ලැබේ. නරකක් කරන්න. එම නරක දැන් හෝ පසුව හෝ ඔබට ලැබේ. අස්වනු නෙළන බසින් දක්වතොත් කර්මය මෙසේ පැහැදිලි කළ හැකි ය. ඔබ හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්නක් ඔබට ලැබේ. නරක් වූ බීජ වැපුරුවොත් නරක අස්වැන්නක් නෙළා ගත හැකි ය. විද්‍යානුකූල බසින් කර්මය යනු හේතු ප්‍රත්‍ය න්‍යාය ලෙස දැක්විය හැකි ය. සෑම හේතුවකටම ප්‍රතිඵලයක් ඇත. ධම්මපදයේ කර්මය විස්තර වන්නේ මේ ආකාරයෙනි. සියලු හොඳ හෝ නරක අවස්ථාවන්හි දී මනස පෙරටුව සිටියි. ඔබ අයහපත් හෝ යහපත් මනසකින් කථා කරයි ද, ක්‍රියා කරයි ද, එවිට අයහපත හෝ අයහපත ඔබ පසුපස එන්නේ රියෙහි බැඳි ගවයා ගේ පසුපස යන රිය සක ලෙස ය. නැතහොත් ඔබ අත හැර නො යන ඔබේ සෙවණැල්ල මෙනි.


උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]