[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පවිටු මිතුරා අයහපත ම ගෙන දෙන්නේ ය ...

අප මහ බෝසතාණන් වහන්සේ, අතීතයේ සිංහරාජයෙක් ලෙස ස්වකීය සිංහ ධේනුවත් සමඟ එක්ව වාසය කෙළේ ය. ඔවුන්ට පුතෙක් හා දුවක් වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. ‘මනෝජ’ යනු ඒ එකම පුතුගේ නමයි. මනෝජ ද තරුණ වියට පත්වූ පසු ගැලපෙන සිංහ ධේනුවක් සමඟ පවුල් විය. මෙසේ ඔවුන් විසූ ගුහාවේ මුළු පවුලේ එකතුව පස්දෙනෙකි. මනෝජ කුළු මීමුන් ආදී වන සතුන් මරා ගෙනවුත් සිය මවුපියන් ප්‍රධාන පවුලේ උදවියට දී ඔවුන් පෝෂණය කරයි. එක්දිනක් ගොදුරු බිම ඇවිදින මනෝජට සිවලකු දක්නට ලැබුණි. ‘ගිරිය’ නම් වූ මේ සිවලා තරුණ සිංහයා දුටු සැණින් පලා යන්නට උත්සාහ කළත්, එය නිශ්ඵල බව දැන බයාදු ලෙස ගාත් දෙපසට දමා බිම වැතිරුණේ ය. ඒ දුටු සිංහයා "මිතුර, මේ කිමදැ?"යි ඇසීය. "ස්වාමීනි, මම ඔබතුමා දැකීමට පැමිණියේ ඔබේ ළඟ සේවාකම් කරමින්, උපස්ථාන කරමින් උදව්වීමට යැ"යි සිවලා කීවේ ය. එවිට සිංහයා තමා ඊට කැමති බව සිවලාට දැනුම් දී, ඌත් කැටුව තමා වසන ගුහාවට ගියේ ය. සිවලා දුටු බෝසත් සිංහ රාජයා, "පුත මනෝජ, සිවල්ලු නම් දුස්සීලයෝ ය. පාප ධර්මයෙහි ඇලුණු අය වෙති. අවැඩෙහි යොදවන්නෝ ම වෙති. එබැවින් එවැන්නකු ළං කර නොගත යුතු යැ"යි සිය පුතුට අවවාද කෙළේ ය. එසේ වුවත් ඒ කිසිවක් ගණන් නොගත් මනෝජ, සිවලා සමඟ ම සියලු ගමන් බිමන් ගියේ ය. කිසියම් දවසක අශ්ව මස් කෑමට ආශාවක් ඇති වූ සිවලා, මනෝජ අමතා, "ස්වාමීනි, අප විසින් අශ්ව මස් හැර වෙනත් නො කෑ මසක් නැත. ඒ නිසා අපි අශ්වයකු අල්ලා ගනිමුදැ?"යි කීවේ ය. "මිතුර, අශ්වයන් සිටින්නේ කොහිද?"  "ස්වාමීනි, බරණැස් නුවර නදී තෙර ඕනෑ තරම් අශ්වයෝ සිටිති" යි සිවලා කීය.


උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]