[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බැඳි ඇඹිලිපිටිය චන්ද්‍රිකා දේවාල විහාරස්ථානය

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉදිවූ ප්‍රථම මහා වාරි ජලාශය වන ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් රාජිණියගේ සිරස බඳු වූ වැව් බැම්ම ආරම්භයේ ඇති මනරම් කඳු පියස මත මේ දේවාල පුදබිම පිහිටා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට නෝනාගම මාර්ගයේ රත්නපුර දෙසට එන විට තුංකම නගරය පසුකළ විට හමුවන්නේ චන්ද්‍රිකා මහා ජලාශයයි. ප්‍රධාන මාර්ගයේ කිරලවැල්කටුව මහබෝ තුංමංසලින් වැව් බැම්ම මතට පැමිණ ඉහත පුදබිමට ළඟා විය හැකි ය. 1957දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් චන්ද්‍රිකා වැව ජලාශය ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ මෙම උස් වූ කඳු මුදුන මත කතරගම දෙවියන්ගේ දේවාලයක් බඳින බවට කතරගම ගොස් දෙවියන්ට භාරයක් වීමෙනි. මෙහි චන්ද්‍රිකා ජලාශ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු එම ස්ථානයේ කුඩා දේවාලයක් ඉදිකොට භාරහාර ඔප්පු කිරීමට පියවර ගෙන ඇත. හැටේ දශකයේ මුල් භාගයේ දී එම ස්ථානයේ කුඩා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර ප්‍රදේශයේ සිටි ජනතාව ආගමික කටයුතු ඉටු කර ඇත. 1965 වසරේ වන මැද පිහිටි මෙම ස්ථානය සොයා පැමිණි හොරවින්නේ බෝධිසීන හිමියෝ මැලේරියා වසංගතය හමුවේ ආහාර, ජලය, වැඩ සිටීමට හරි හැටි කුටියක්වත් නොමැතිව දැඩි දුෂ්කර දිවියක් ගතකර පසුව මෙම ස්ථානයෙන් බැහැරට ගොස් ඇත.


උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]