[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව් සැපයම සෙවූ පතිපූජිකා

දෙව් සැපයම සෙවූ පතිපූජිකා

අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලයේ සැවැත්නුවර එක්තරා නිවසක ළදැරියක් උපන්නා ය. ඇයට පෙර ආත්මය කියන්නට හැකියාවක් පහළ විය. ඇගේ පෙර ආත්මයේ තව්තිසා දෙව්ලොව මාලහාරී දෙවියන්ගේ දහසක් දෙවඟනන් අතර එක් දෙවඟනක් වූවා ය. මෙම මාලහාරී දෙවියන් දහසක් දෙවඟනන් පිරිවරාගෙන මල් නෙළන්නට උයනට පිවිසියේ ය. එක් දෙවඟනක් ආයු කාලය අවසන්ව පෙර පින් අවසන් වී ගිය බැවින් එම මල් උයනේ දී ම චුතව මෙසේ මිනිස් ලොව උපත ලැබුවා ය.

ඇය මිනිස් ලොව උපත ලැබ වැඩිවියට පත්ව පින්දහම් කර මාලහාරී දෙවියන්ගේ දෙවඟනක් හැටියට උපත ලබන්නට පැතුවා ය. ඇය පතිපූජිකා යනුවෙන් ප්‍රසිද්ධ වූවා ය.

පතිපූජිකාව නිතර නිතර මහා සංඝයා වහන්සේට උපස්ථාන කරන්නට විහාරස්ථානයට ගොස් දන් පිළියෙළ කිරීම, මල් පිළියෙළ කිරීම, පැන් පිළියෙළ කිරීම සිදු කළා ය. මෙම පින්කම් කරන්නට ඇයට සැමියාගේ ආධාර සහ අනුබලය නොඅඩුව ලැබුණි.

එම යුවලට පුත්තු සිව් දෙනෙක් සිටියහ. මනුලොව වසර 50කට පසුව පතිපූජිකාව රෝගාතුරව මියගොස් ඇය කරන ලද පැතුම අනුව තව්තිසා දෙව්ලොව මාලාහාරී දෙවියන්ගේ දෙවඟනක් ලෙස යළි උපත ලැබීය. ඇය මිනිස් ලොව ළදැරිය ලෙස උපත ලැබ වැඩිවිය පැමිණ විවාහ වී දරුවන් ලබා මියගොස් යළි තව්තිසා දෙවිලොව දෙවඟනක් ව උපත ලැබීය.

මිනිස් ලොව අවුරුදු සියයක් දෙව්ලොව එක් දිනයකි. පතිපූජිකාව මිනිස් ලොව ගත කළ කාලය දෙව්ලොවට ඇසිල්ලක් පමණක් විය. ඒ නිසා දෙව්ලොව කාලයෙන් ඉතා සුළු මොහොතක දී ඇගේ චුතවීම සහ යළි ඉපදීම සිදු වූ බැවින් සෙසු දෙවඟනන්ට ඇයගේ ඉපදීම හා චුතවීම ගැන හැඟීමක් නො වීය.

උපස්ථානයෙහි ලැදිව සිටි පතිපූජිකාවගේ අභාවය ගැන බුදුරදුන්ට සැලවිය. එය නිමිති කරගෙන පස්කම්හි ඉතා ගිජුව ඇලුන මිනිසා එහි සෑහීමට පත් නොවී මරු වසඟයට යන්නේ ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]