[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කච්චානි ජාතක කතාවේ එන අවස්ථාවකි

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

මහා සංස්කෘතික දායාදයක ඉතිහාස කතාව

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 236කට පසු ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දහ අට වැනි වර්ෂයේ දී මෙන්ම දෙවැනි පෑතිස් රජුගේ පළමු රාජ්‍ය වර්ෂයේ දී මිහිඳුු මා හිමියන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කරන ලදී . එම උතුම් සිදුවීම් මුල් කර ගනිමින් පසු කලෙක පොසොන් පොහොය උත්සවශ්‍රීයෙන් සලකන්නට යෙදුණි. මහින්දාගමනය තුළින් ලක්දිව ආර්ථිකය, රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, කලා ආදී බහුවිධ අංශයන්ගෙන් වෙනස්වීමකට ලක්වීය . එසේ සිදු වූයේ මිහිඳු හිමියන් සමඟ මෙරටට දායාද වූ දායාදයන් නිසාවෙනි. පෙරහර යන ශබ්දාර්ථය, පරිහාර යන ශබ්දයෙන් බිදී ආවක් බව සැලකිය හැකි ය. “මෙම වචනය සදහා නොයෙක් අර්ථ පාලි ග්‍රන්ථයන්හි යෙදී ඇත. හාත්පස වටකොට කරන අවධානය, සැලකිල්ල, ගෞරවය, රැක බලා ගැනීම, වරප්‍රසාදය, උදාරත්වය යන අර්ථ එයින් සමහරකි .” මෙසේ අර්ථ විවරණය වන පෙරහර සංකල්පයෙහි ආරම්භය ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටි අවධිය දක්වා දිවෙයි . පෙරහර වනාහි එතරම් ඉතිහාසයක් සහිත සංස්කෘතික සංකල්පයකි. එහෙත් ශ්‍රී ලංකාවට නිශ්චිතව ම පෙරහර සංකල්පය දායාද වූයේ කවරදාක දැයි නිගමනය කළ නොහැකි ය.ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, ධාතූන් වහන්සේ වැඩමවීම ආදී බොහෝ ආගමික වටිනාකම් සිදු වූයේ මහින්දාගමනයත් සමඟිනි. ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම වනාහි උත්සවශ්‍රීයෙන් හා මහත් පෙරහරින් යුතුව සිදු කෙරුණු බව මහා වංශය සඳහන් කරයි.

තමන්ගේ දියුණුව අනුන් ගැන සිතන තරමටයි

බුදු ඇසින් දුටු “සමඟියෙහි වටිනාකම” තුළ ඇති ගැඹුරු බව තව කෙනකුට සිතීමට පවා නොහැකි තරම් ය. බෞද්ධ දර්ශනය තුළ නිරන්තරයෙන් ප්‍රකට කර ඇත්තේ සමඟියේ ඇති වටිනාකම නොවේද? බුදුරදුන් පහළ වූ යුගය තුළ විවිධ දෘෂ්ඨි ඔස්සේ ගමන් කොට නිවන උදා කර ගත නොහැකිව මං මුළා වූ බොහෝ දෙනෙක් ජීවන ප්‍රතිපදාවන් ගත කළ ආකාරය ඉතා ප්‍රකට ය. එකිනෙකා පරයා තනි තනිව කාමභෝගී ජීවන ගමන උදෙසා කරන සටන අද වන විට තියුණු මට්ටමක පවතී. එය එතරම් සුබදායක දෙයක් නොවේ. එතුළින් කෙසේ හෝ ජීවත් විය යුතු ය යන පටු පරමාර්ථය ඔස්සේ විහිදුන සංකල්ප උද්දීපනය වී සමාජයට හා පුද්ගලයාට විශාල විනාශයක් සිදුවනවාට කිසිදු සැකයක් නැත. සමඟියේ ඇති අගය පිළිබඳ බුදු හිමි බුද්ධ ශාසනයෙන් ම ආරම්භ කරන ලද්දේ ආදර්ශයක් වශයෙන් පුහදුන් සත්වයාට යහතින් ජීවත්වීම උදෙසා ය. ඒ අනුව ධම්ම පදය තුළ සඳහන් මෙම ගාථා ධර්මය ඉතා වැදගත්වනු ඇත. සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා -සුඛා සංඝස්ස සාමග්ගි -සමග්ගානං තපෝ සුඛෝ. බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

මේ මොහොතේ සිටම නොපමා වන්න

කයින්, වචනයෙන්, මනසින් අකුසල ක්‍රියාවන්ට සිත නතු කර ගනිමින්, සිහිකල්පනාවෙන් තොරව ජීවත්වීම ප්‍රමාදයයි. කැළයකින් අල්ලාගෙන ආ කුළු ගොනකු යදමින් බැඳ තිබෙනා තාක් කල් එක තැන සිටී. එහෙත් එයින් මිඳුණු වහා ම කැළයට දුවන්නා සේ ම පෘථග්ජන සිත ද නිතරම සිටින්නේ වීර්යය අත්හළ වහාම පංචකාමයන් හා දුෂ්චරිතයන් සේවනය සොයාගෙන වල් වදින සූදානමින් ම ය. පංචකාමයට හා අනේකවිධ දුෂ්චරිත කෙරේ බැඳුණු සිත, සුචරිතයේ පවතින්නේ සිහිය නැමැති යදමින් බැඳ තබන තාක් කල් පමණකි. ප්‍රමාදය අප සිත වනසා දමන ක්ලේෂයක් බව අවබෝධ කර ගත් ප්‍රඥාවන්ත බෞද්ධයා සිහි නුවණින් විමසා බලා කටයුතු කරමින් තම සිත පිරිසුදුවත්, නොකිළිටිවත් තබා ගනී. එවන් සිතකට පමණි සංසාරය කෙටි කර ගැනීමට අවශ්‍යය පින් දහම් පූරණය කොට මෙලොව සතුටින් දීර්ඝායුෂ විඳ, මියපරලොව ගොස් දෙව් මිනිස් සැප ද, මතු නිර්වාණාවබෝධය ද සාක්ෂාත් කළ හැකි වන්නේ. දේවදූත සූත්‍රයේ දැක්වෙන පරිදි කෙලෙස් දම් පුරා අපාගත වූ පාපී නරයන් යම පල්ලන් විසින් යම රජු හමුවට පමුණුවයි. මෙසේ, තා මෙහි පැමිණියේ මන්දැයි විමසන විට අපාගත වූ නරයන් පවසන්නේ තමන් පින් පව් හඳුනාගෙන සිටියත් නිවන් මඟට යොමුවීමට හැකි මාවත සාදා දෙන දේවදූතයින් පස්දෙනා හෙවත් පංච පාපයන්ගෙන් මිදීමට ප්‍රමාද වූ බවයි. පමාදෝ නම් ක්ලේෂය හරි හැටි හඳුනා නොගත් බවයි. එසේ හඳුනාගත්තේ නම් තමන් අපායගාමී නොවන බව ද ඔවුහු යම රජු හමුවේ ප්‍රකාශ කළහ.

ලජ්ජාව සහ බිය නැති තැන ඉවසීම ද නැත

ඝෝෂිත සිටාණන් එදා කොසඹෑ නුවර ඉදිකළ ඝෝෂිතාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක. නවවැනි වස් විසීම සිදුවූයේ ද මෙම විහාරයේ දී ම ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව ම වැඩ සිටි දවස්හි දිනක් මෙම විහාරයේ වැඩ සිටි විනයධර හා ධර්මධර ස්ථවිරයන් වහන්සේ දෙනමක් අතර කතාබහක් ඇති වුණි. ධර්මධර ස්ථවිරයන් වහන්සේ වැසිකිළියට වැඩියේ, සිරුර කිස නිම කොට අතපය සෝදා බඳුනේ දිය මඳක් ඉතිරි කොට නික්ම ආහ. මෙය සුළු වරදක් බව සම්මත වූවකි. ඉන් ටිකකට පසු විනයධර ස්ථවිරයන් වහන්සේ එහි වැඩියහ. බඳුනෙහි තිබූ ඉතිරි දිය දැක ධර්මධර ස්ථවිරයන්ගෙන් ඒ ගැන ඇසූහ. “ඔව්, ඇවැත්නි, යි පිළිතුරු දුන්හ. කිම ඇවැත්නි, එයින් ඇවැත් සිදුවන බව නොදනිහු දැ? යි ඇසීය. ‘නොදනිමි’ යි කී ය. ‘ඇවැත්නි, මෙයින් ඇවැත් (සුළු වරදක්) වේ යැයි විනයධර ස්ථවිර කීය. “එසේ නම් මම එයට පිළියම් කරමි’යි ධර්මධර ස්ථවිර කීය. “ඔබ වහන්සේ එය නොදැන සිහි මද කමින් කළා නම් ඇවැත් නැතැයි කීය. විනයධර ස්ථවිරයන් ධර්මධර ස්ථවිරයන්ට එසේ කීවද, පසුව තම අතවැස්සන්ට ‘අර අපගේ ධර්මධරයා ඇවැතට පැමිණ ද, ඒ ඇවැත නොදනී’යැයි කීය. එවිට ඒ අතවැසි භික්ෂුහු ධර්මධර තෙරුන්ගේ අතවැස්සන්ට ඔබ වහන්සේගේ ගුරුවරයා ඇවැතට පැමිණ ද, ඇවැත නොදනී’යි නිග්‍රහ කළහ. ඔවුහු සිය ගුරුන් වෙත ගොස් එය දැන්වූහ. එවිට ධර්මධර ස්ථවිරයන් වහන්සේ “මේ විනයධරයා මුලදී ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් යැයි කියයි. මොහු බොරු කියන්නෙකැ යි සිය අතවැස්සන් ඉදිරියේ කීයේ ය. එවිට ඔවුහු විනයධර ස්ථවිරයන්ගේ අතවැස්සන් ළඟට ගොස් “ඔබ වහන්සේගේ ගුරුවරයා බොරු කියන්නෙකැ’යි නිග්‍රහ කළහ. මෙයින් දෙපස අතර කෝළාහලයක් හට ගත්තේ ය.

පොසොන් අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]