[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සකල සත්වගට ශාන්තිය ළඟා කරන ආනුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව

ත්‍රිභූවනශේඛර ලෝකස්වාමි තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපරිමිත මෙත් කරුණාධ්‍යාශයෙන් තුන්ලෝ සත්වගට අපරිමිත සෙත සදා බුදුකිස නිමවා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා කල සක්දෙව් රද අමතා මතුදා බුදුසස්න ලක්දිවැ පිහිටන බවත්, පිරිවර සහිතව ලක්බිම ගොඩබට, මනෝරම්‍ය සිරිලක් දිවයිනේ මතු ලංකේශ්වරයාණන් - විජය නිරිඳාණන් ඇතුළු සේනාව මනාකොට රැකගනුවයි වදාළ සේක. බුද්ධාවවාදය හිස්මුදුනින් වැඳ පිළිගත් සක්දෙව් රදු ලංකාද්වීපය ද විජය කුමරු ඇතුළු සත්සියයක් සේනාවේ රැකවරණය ද උපුල්වන් දෙව්රජුට භාර කළේ ය.ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ නියමයෙන් පරිබ්‍රජාක වේෂයෙන් ලක්දිව බට උපුල්වන් දෙව්රදාණෝ රුක්මුලෙක හිඳ තථාගත සම්බුදුරදුන් පිරිනිවීමට සැතපුණු දා සිරිලකට ගොඩබට විජයකුමරු ඇතුළු පිරිස අමතා ‘පින්වත මේ මිනිස් වාසයෙන් තොර ලක්දිවයි. මෙහි තොපට භයක්, භීතියක් නොවන්නේ යැයි පවසා විජයකුමරු ඇතුළු සමූහයාට පැන් කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉස, පිරිත්හුය බැඳ, පෙරළා දෙව්ලෝ වැඩියෝ ය.
සුනඛ වේෂයක් මවාගත් යකිනියකගේ මෙහෙයවීමෙන් බල්ලකු ඇතිවිට ගම්බිමක් ද විය යුතු ය යන අදහසින් දර්ශනය වූ බලු රූපය පසුපස විජය කුමරුගේ පිරිස ගමන් ගත්හ. ඔවුහු කපු කටනා තවුසියක් සෙයින් රුක් මුලෙක හුන් කුවේණිය ළඟ නතර වූහ. එදා මේ පිරිස ගොදුරු කර ගන්නට කුවේණි යකිනි සමාගමට නොහැකි වූයේ බලගතු පිරිත් හුයේ ආනුභාවයෙනි. පිරිත් පැන් හි අනුහසිනි.


වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]