[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2022-05-29

කියවීම

අද පුවත්පත් අතට ගන්නා ඇතැමුන් හුරුපුරුදු වී සිටින්නේ එහි ශීර්ෂ පාඨ පමණක් කියවීමට ය. නැතහොත් ඡායාරූප හා කාටුන් බැලීමට ය. පසුව එය ප්‍රයෝජනයට ගනුයේ සීනි, තේ කොළ හා ආහාර එතීමටත් ඇතැම් තැනෙක බිම අතුරා වාඩිවීමටත් ය.

කාර්යාලවල හා පාසල්වල පුවත්පත් කියවීම පිළිබඳ යම් යම් සීමාවන් පනවා ඇත්තේ කියවීම වැරැද්දක් නිසා නොව එහිම එල්බගෙන සිටීම දෛනික ව සිදු කෙරෙන කාර්යයන්ට බාධාවක් වන හෙයිනි.

කරන්නට කිසිදු වැඩක් නොමැති අය ද පුවත්පතක් ගෙන එහි අකුරක් නෑර කියවනුයේ එය තම පාලුව හා අලසකම මකා ගැනීමේ මාර්ගයක් ලෙසත්, විනෝදාංශයක් ලෙසත් සලකාගෙන සිටීම නිසා විය හැකි ය.

බුදුසරණ වැනි අර්ථාන්විත ධර්ම ශාස්ත්‍රීය ලිපි මාලාවකින් සංගෘහිත පුවත්පතක් බුද්ධිමත් පාඨකයකු කිසිදාක නො කියවා ඉවතට නොදමන බව අපි හොඳින් දනිමු. ඔවුන් මෙය කියවනවා පමණක් නොව පසුව කියවීමට හා හිතවතුන්ට ද කියවීමට සැලැස්වීම සඳහා සුරක්ෂිතව තබාගනු ඇත. ඉවත නොදමන එකම පුවත්පත ලෙස බුදුසරණ ප්‍රකටව ඇත්තේ එබැවිනි.

බුදුසරණ පමණක් නොව වෙනත් බෞද්ධ පුවත්පත් සේ ම දිනපතා, සතිපතා පුවත්පත්වල පළ කෙරෙන වැදගත් ලිපි ද ඇතැම්හු සුරක්ෂිතව තබා ගනිති. එය ද අනෙකක් නිසා නොව පසුව ද කියවා රස විඳීමේත්, දැනුම දියුණු කර ගැනීමේත් බලාපොරොත්තුවෙනි. සැබෑ බුද්ධිමතාගේ පිළිවෙත එයයි.

අද අන්තර්ජාල පහසුකම් වැනි දේ සීඝ්‍රව ලෝකය පුරා පැතිර ගිය ද කිසිදු රටක පොත්පත් කියවීමේ ජනතා රුචිය තුරන් කිරීමට එමඟින් හැකියාවක් නොලැබුණි. අමෙරිකාව පාලනය කරනුයේ ධවල මන්දිරයත්, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතත් බව ලෝ ප්‍රකට කියමනකි. පුවත්පත යනු එතරම් බලවත් සන්නිවේදන මාධ්‍යයකි.

කියවීම හොඳ පුරුද්දකි. වැඩි වැඩියෙන් කියවීම ඊටත් වඩා හොඳ පුරුද්දකැයි, යනුවෙන් චීන ජාතිකයින් අතර ප්‍රකට ප්‍රස්තා පිරුළක් තිබේ. අප රටේ පහළ වූ අග්‍රගණ්‍ය පඬිරුවනක වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මෙසේ පවසා ඇත. “මට ඕනෑම පුරුද්දක් අත්හළ හැකි ය. එහෙත් කියවීමේ පුරුද්ද අත්හළ නො හැකි ය. ප්‍රැන්සිස් බේකන් පවසා ඇත්තේ කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරන බවයි. සාපේක්ෂතාවාදය ලොවට හෙළි කළ ඇල්බට් අයින්ස්ටයින් පොතපත නොකියවන්නා සොහොන් කොතක් වැනි යැයි පවසා තිබේ.

තවද කිසිදු පදනමක් නැතිව පළ කළ පොත් මෙන් ම පුවත්පත් ද නැතුවා නොවේ. ප්‍රැන්සිස් බේකන් පවසනා පරිදි ඇතැම් ප්‍රකාශන කියවා රස බැලීම පිණිස ද, ඇතැම් ඒවා කියවා ජීර්ණ කරනු පිණිස ද තවත් සමහරක් කියවා අහක දැමීම පිණිස ද වේ. එවැනි දේ තෝරාබේරා ගෙන බොහෝ වැදගත් දේ කියවන පුද්ගලයා උගතකු වෙයි. ඔහු හෝ ඇය නොදන්නා දෙය කියවීමෙන් දැන ගන්නා බැවිනි. දන්නා අය ලියන දේ කියැවීමෙන් නොදන්නෝ ද දන්නෝ වෙතියි, කුමාරතුංග මුනිදාස සූරීන් පවසා ඇත්තේ එබැවිනි.

වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]