[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දිනුම සහ පැරදුම නිවැරැදිව හඳුනාගනිමු

අක්කොධෙන ජිනේ කොධං - අසාධුං සාධුනා ජිනෙ, ජිනේ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං පරදින්නට කිසිවකු කැමති නැත. නිරන්තරයෙන් ජයග්‍රහණම බොහෝ අය ප්‍රාර්ථනා කරති. එය අහිමි වූ විට දුක් වේදනාවන්ට පත් වෙති. සමහරු සිය දිවි තොර කර ගනිති. මෙවැනි වේදනාවන්ට පත් නොවන්නට නම් හැම දෙනාම බලාපොරොත්තු වන ජයග්‍රහණ හිමිකර ගැනීමේ මාර්ග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු ය. එය සැනසීමට මඟයි. ක්‍රෝධය සිත අපිරිසුදු කරන බලගතු සිතිවිල්ලකි. තමන් ද විනාශ කොට අනුන්ගේ ද විනාශය ළඟා කරන අකුසල ධර්මයකි. ක්‍රෝධය දිනිය යුතු එහෙයිනි. සාමාන්‍යයෙන් තමන්ට ක්‍රෝධ කරන්නාට තමන් ද ක්‍රෝධ කිරීම සිරිත ය. එහෙත් ක්‍රෝධයෙන් යුක්ත කෙනකු දිනීමට නම් ක්‍රෝධ නොකර සිටිය යුතු ය. අසත්පුරුෂයකු දිනීමට උසස් ගුණයෙන් ක්‍රියා කළ යුතු ය. තද මසුරුකමින් යුත් කෙනකු දිනීමට පරිත්‍යාග කළ යුතු ය. බොරු කියන්නකු දිනීමට නම් ඇත්ත කතා කළ යුතු ය. කුජ්ඣනං කොධො යනුවෙන් ධර්මයෙහි දැක්වේ. එහි රළු පරළු ගතිය ක්‍රෝධ නමින් දැක්වේ. ඉන්ද්‍රියයන්ට අකමැති අරමුණක් ගැටුණු විට සිතෙහි ක්‍රෝධය හට ගනී. එතැන් සිට කය ද දුර්වර්ණ වේ. රළු වචන කීමට පෙළඹේ. පහර දීම පමණක් නොව ජීවිතහානිවලට ද පෙළඹේ. සමහරු අනුන්ගේ දිවි තොර කොට එයින් නො නැවතී තම තමන්ගේ ජීවිත ද තොර කර ගනිති. අවසානයේ විමසිලිමත්ව බලන විට එසේ කළ සෑම දෙනාම පරාජයට පත් වී ඇති බව පැහැදිලි වෙයි. කිළිටි වස්ත්‍රයක් අපිරිසුදු ජලයෙන් සේදීම අපහසු ය. ඒ සඳහා යොදාගත යුත්තේ පිරිසුදු ජලය යි. ක්‍රෝධ කරන තැනැත්තා දිනිය හැක්කේ අපිරිසුදු ජලයට සමාන වූ ක්‍රෝධ සිතින් නොව මෛත්‍රිය නමැති පිරිසුදු ජලය භාවිත කිරීමෙනි.


නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]