[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2022-03-02

නින්දා හමුවේ නොසැලීම

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ අතුල නම් උපාසකයෙක් විය. දිනක් ඔහු තම පිරිවර පන්සියයක් දෙනා සමඟින් රේවත නම් තෙරුන් වහන්සේ නමක් වෙත ගොස් ධර්මය දේශනා කරන ලෙස අයැද සිටියහ. උන්වහන්සේ විවේකයට කැමැති භික්ෂූන් වහන්සේ නමකි. එහෙයින් උපාසක ඇතුළු පිරිසට එකද වචනයකින් හෝ කතා නොකොට නිහඬව සිටියහ. ඒ ගැන නොසතුටු වූ පිරිස සැරියුත් හිමියන් වෙත ගියහ. උන්වහන්සේ දහම් දේශනා කළ ද ඉතා ගැඹුරු විය. තේරුම් ගැනීම අසීරු විය. ඒ ගැන ද සිත රිදවා ගත් උපාසක ඇතුළු පිරිස ආනන්ද හිමියන් වෙත ගොස් දහම් දෙසන ලෙස ඉල්ලා සිටියහ. ආනන්ද හිමියන් දෙසූ බණ ඉතා ලිහිල් බව කියමින් ඔවුහු කෝප වූහ. අවසානයේ ඔවුහු බුදුරදුන් හමුවට ගියහ. තමන් වෙත දහම් දෙසූ, නොදෙසූ භික්ෂූන් වහන්සේ වෙත චෝදනා කරමින් සුදුසු ලෙස ධර්මය දේශනා කරන මෙන් ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අතුල උපාසක අමතා දේශනා කොට වදාළේ, නිහඬව සිටින්නා නින්දාවට පත්වේ. බොහෝ සෙයින් කතා කරන්නා ද නින්දාවට පත්වේ. පමණ දැන කතා කළ ද නින්දාවට පත්වේ. මෙය අද ඊයේ නොව ඈත අතීතයේ සිට ම සමාජයේ දකින්නට ලැබෙන්නකි යනුවෙනි.

උන්වහන්සේ පෙන්වා දුන්නේ නින්දා නොලබන්නකු මේ ලෝකයේ නැති බව ය. මේ අසිරිමත් බුද්ධ භාෂිතය අප වෙත දෙන පණිවුඩය ජීවිත කාලයට ම වැදගත් ය. සාමාන්‍යයෙන් සමාජය තුළ මිනිසුන්ගේ හොඳ ඇගයෙනවාට වඩා සිදු කෙරෙන්නේ විවේචනය කිරීම් ය. කොතෙකුත් හොඳ ගුණ තිබුණ ද ඉස්මතු කෙරෙන්නේ අඩුපාඩු ය.

තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නොපෙනී අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද දකිනවා යැයි ජනවහරේ කියන්නා සේ තමන් තුළ කොතෙකුත් වැරැදි තිබුණ ද අනුන්ගේ සුළු වූ ද වරද මහත් කොට දකින්නේ ය. සමාජයේ හැටි එලෙස ය.

එහෙත් අනුන් කරන කියන දේ ගැන කම්පා වෙමින් පසුබසින්නට පටන්ගත් මොහොතේ සිටම සිදුවන්නේ තමන්ගේ ඉදිරි කටයුතු අඩපණවීමය.

තමන් වෙත ලැබෙන විවේචන, නින්දා, අපහාස, පරිභව හමුවේ බුද්ධිමතා කෝප වන්නේ හෝ දුක් වන්නේ නැත. තමන් තව දුරටත් නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් දියුණුවේ හිණිපෙත්තට ළඟාවීම පමණය, ඔහුගේ ඒකායන අරමුණ වනුයේ.

ඒ සඳහා හොඳම උදාහරණයකි, මඝ මානවක තරුණයාගේ චරිතය. ඔහු මිතුරන් හා සමඟ එක්ව මං මාවත්, පාලම්, ඒදඬු , විශ්‍රාමශාලා ඉදිකරවූයේ අනුන්ට ප්‍රයෝජනය සදන්නට ය. අනුන් වෙනුවෙන් කැප වුණත් අවසානයේ රාජ උදහසට ලක් වන්නට පවා ඔහුට සිදුවුණි. එහෙත් කලකිරීමට, බියට හෝ කෝපයට පත්ව ඔහු ඒ සද්ක්‍රියාවන් අතහැර දැමුවේ නැත. ඒ නිවැරැදි වෑයම ඔහුට සක්දෙව් පදවිය ලබන්නට පවා හේතු සාධකයක් විය. ජීවිතය හා මිනිසුන් තේරුම් ගනිමින් නොසැලී, නොනැවතී නිවරැදි ගමනක යන කෙනාගේ හෙට දවස වාසනාවන්ත ය.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]