[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණධර්ම සොරා ගන්නා සතුරන් හඳුනා ගන්න

ගුණධර්ම සොරා ගන්නා සතුරන් හඳුනා ගන්න

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි ච අමත්තඤ්ඤුං
කුසීතං හීන විරියං
තං වෙ පසහතී මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං

යම් පුද්ගලයකුට රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ටබ්බ යන බාහිර අරමුණු හමුවේ. එකල ඔහු ඒ පිළිබඳ හොඳ පැත්ත ගැනම සිතයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන ආධ්‍යාත්මික ඉන්ද්‍රියයන් සංවර කර නොගනියි.

ආහාර අනුභවයෙහි ගිජුවෙයි. අලසව කටයුතුවල නොයෙදී සිටින ඒ පුද්ගලයා දුබල වූ ගසක් සුළඟකට හසුව පහසුවෙන් බිම ඇද හැලෙන්නාක් මෙන් කෙලෙස් නමැති මාරයාට යට වේ.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට ශ්‍රාවක ජනයා නිතර දැක පුරුදු උපමා මඟින් කරුණුූ පැහැදිලි කර දුන්හ. එයින් පෙනෙනුයේ වැඩි උගත්කමක් නැති අයටත් වැටහෙන සේ ධර්මය කියාදී එය අවබෝධ කරවීමට උත්සාහ ගත් ආකාරය යි.

ඉන්ද්‍රියයන් අසංවර නම්, රූපාදී අරමුණ ගැන හොඳ පැත්තම සිතයි නම් එය සුබ නැත. ප්‍රමාණයක් නැතිව කන බොන, ගිය ගිය තැන කුසීත ව වැතිරෙන, හිතේ කිසි උත්සාහයක් නැති, කෙලෙස්වලට යට වූ පුද්ගලයා වැඩි කලක් නොගොස් අනතුරට පත්වන බව මේ ගාථාව අනුව අපට හිතා ගත හැකි ය.

ඇස් ලැබී ඇත්තේ බැලීමට ය. එහෙත් ඇසට පෙනෙන සෑම දෙයක් ම ආශාවෙන් බැලීම නොමැනවි.

යහපත් ගුණ රැසක් මුතු මැණික් මෙන් සිත් නමැති ගබඩාවේ තැන්පත් වී තිබේ. පසිඳුරන් නමැති දොරටුවලින් කෙලෙස් නමැති සතුරන් ඇතුළත් වී, එම මුතු මැණික් පැහැර ගත හැකි නිසා පසිඳුරන් සංවර කර ගැනීම පිළිබඳ මහත් සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය ය.

මිනිසා විසින් උත්සාහයෙන් නිර්මාණය කර ඇති සියල්ලත් , සොබා දහමේ පහළ වී ඇති සියල්ලත් ඉඳුරන් පිනවීම සඳහා ම හටගෙන ඇති බව පෙනේ. එසේ වුවද ඒවායේ ඇලී ගැලී ජීවත්වීමෙන් සිදුවන්නේ විපතකි.

නිවැරැදි ලෙස ඉන්ද්‍රියයන් පිනවීම බුදුදහමේ තහනම් කර නැත.කාමාවචර කුසලයන්ගේ විපාක වශයෙන් සම්පත් ලැබීම අනිවාර්යයෙන් ම සිදු වේ ම ය. මධ්‍යම ප්‍රතිපදානුකූලව සම්පත් පරිහරණයෙන් අවැඩක් සිදු වන්නේ නැත.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]