[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මෙවර සිරිපා වන්දනා වාරයේ සමාරම්භක පින්කම

ශ්‍රී ශාක්‍යකුල තිලකාය මාන වූ අප ගෞතම ශ්‍රී සම්‍යක් සම්බුද්ධ වූ දේවාති දේව වූ මොහඳුර දුරු කිරීම පිණිස මේ ලක්දිවට වසර 2600 කට පෙර වැඩම වූ බුද්ධ නමැති සූර්ය රාජෝත්තමයාණන් වහන්සේ රුහුණු රටට අන්තර්ගත වූ සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කුරුවිට කෝරළයබද සමනල අඩවියේ සමන්තකූඨ පර්වත මස්තකයේ මඟුල් ලකුණින් යුත් වාම ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ සේක. තෙරුවන් බලය ද බුද්ධ අදිටන් බලයෙන් ද මේ ලක් දෙරණ පාරිසශුද්ධත්වයට පත්කළ දා පටන් ජනී ජනයන්ගේ පූජා වන්දනාමානාදියට පාත්‍ර වුහ. එදා පටන් පැවැත එන ශ්‍රී පා වන්දනා වාරය ආරම්භ කිරීම පිණිස රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ලැබුණි. මෙවර මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ හා සබරගමු පළාතේ ආණ්ඩුකාර වූ ටිකිරි කොබ්බෑඩුව බණ්ඩාර මහත්වරුන්ගේ මූලිකත්වය ද නුවරඑළිය මහ දිසාපති නන්දන ගලබඩ, රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්ම මහත්මීන් ද මධ්‍යම හා සබරගමු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලා ද, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා ද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ද ප්‍රධාන කැපකරු දායක සමන් උපසේන, ශ්‍රී පාද විහාරයේ කැපකරු දායක තිස්ස ආනන්ද, ශ්‍රී පා කමිටුවේ ප්‍රධාන සුනිල් ශාන්ත වීරසේකර පැල්මඩුල්ලේ ප්‍රාදේශීය ලේකම් බී.එස්.ජී. රුවන්සිරි, සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, සමන් දෙවොලේ ප්‍රධාන කපු නිලයේ රාම ගිර මහත්වරු ඇතුළු බැතිමත් දායකකාරකාදී සුපින්වත් සැම විසින් ශ්‍රී පා වන්දනා වාරය ඇරඹීම පිණිස ශ්‍රී පා මලුව කරා ශ්‍රී බුද්ධ ධාතූන් වහන්සේ ද ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ ද වැඩම වීමට පෙර සිරිත් පරදි සිදු කරන පුද පූජා හා තේවාවන් වර්ෂයෙන් 2564 ක් වූ -ශ්‍රී බුද්ධ චන්ද්‍ර මාස ක්‍රමයෙන් උඳුවප් මස පුර තෙලෙස්වක නම් තිථිය ලත් රිවි දින හෙවත් ශ්‍රීමත් ශාලි වාහන ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් 1942 ක් වූ විෂ්ණු විංශතියේ පීතර යුග පංචාබ්දයේ තෙවන ඉද්‍ධවත්සර භේද නාමධාරි දේවතාධිපති වු දක්ෂිණායන හේමන්ත ඍතුවේ හිරු ධනු රාශිගත වූ එකොළොස් භාග වූ ඉරු දින නව දුන් කෝරළේ උඩ පත්තුවේ දෙනවක උඩකඩ පැල්මඩුල්ලේ කුට්ටාපිටියේ ශ්‍රී පාද විහාර පූජා නින්දගමේ පිහිටි ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ දී සිදු කෙරිණි.දෙසැම්බර් මස 17 වනදා අලුයම පෙරහරින් මලුවට වැඩමවා උඳුවප් පුර පසළොස්වක වූ දෙසැම්බර් මස 18 වැනිදා සිට 2022 වෙසක් පුර පසළොස්වක දක්වා ශ්‍රී පා වන්දනා වාරය සිදු කරනු පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රථම බුද්ධ ශ්‍රාවක වූ සබරගමු පළාතට අධිගෘහිත වූ සමනල සමන්තකූට පර්වතය අරක් ගෙන සිටින දහසක් නයින් සෝවාන් ඵලයෙහි පිහිටි සිද්ධ ශ්‍රී සුමන දෙවි මහ රජුන්ට පුණ්‍යානුමෝදනා කරම්හ.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]