[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක පෝදා 2021-12-18

සිත රැක ගැනීම

සත්වයන් අතර හොඳින් සිතා බලා කටයුතු කළ හැකි අපූර්ව ශක්තියක් මනුෂ්‍ය වර්ගයාට ලැබී ඇත. එහෙත් මිනිසත් බව දුර්ලභ ය. සසරෙහි නිවැරැදිව සිත භාවිත කරමින් පුණ්‍යකර්ම රැස් කළ නිසා ම ඒ දුර්ලභ අවස්ථාව උදාකර ගන්නට මිනිසාට හැකියාව ලැබී ඇත. එහෙත් ලද මිනිස්කමෙන් ප්‍රයෝජනය ලබන්නෝ ඉතා ම දුර්ලභ ය. ඒ නිරන්තරයෙන් සිත අවභාවිතයේ යොදවමින් ජීවිතය හැසරවීම නිසා ය.

තමන් ගැන, සමාජය ගැන ඉවසීමෙන් සිතා බලන්නට හැකි නම් ඒ බව අවබෝධ කර ගන්නට තමන්ට ම හැකියාව ලැබෙනු ඇත. බොහෝ දෙනකුට වරදින්නේ එසේ සිතා බලා නිවැරැදි නොවීමේ විපාකය නිසා ය.

තමන්ට අයහපතක් වනවාට, දුක් විපාකයන්ට මුහුණ දෙන්නට වනවාට කිසිවෙක් කැමැති නැත. එසේ නම් ඒ තැනට කටයුතු කර ගැනීමේ වගකීම ද තමන් සතු ය. අප තථාගතයන් වහන්සේ ධම්ම පදයේ යමක වග්ගයේ දී අපේ සිත ගැන විවරණය කර ඇති ආකාරය දුක් කරදරවලින් මිදෙන්නට අපූර්ව මාවතක් පෙන්වා දෙයි.

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා

යන ගාථා ධර්මයට අනුව මිනිසාගේ සියලු අදහස්වලට ප්‍රධාන වන්නේ සිත ය.

ඒ සිත මෙහෙයවමින් කෙනෙක් නරක අදහසින් යමක් කියනවා නම්, කරනවා නම් එහි ප්‍රතිඵලය ද තමන් ම භුක්ති විඳිනු ඇත. ඒ දුක් විපාක ගොනු පසු පස එන රිය සක මෙන් ඔහු පසු පස එයි. එය වළකන්නට තමන්ගේ මවට හෝ පියාට හෝ නොහැකි ය. සිය නාමයට නොහැකි ය. ධනයට , බලයට නොහැකි ය.

තමන් වෙනුවෙන් පෙනී සිටින්නට සිදු වන්නේ තමන්ට ම ය. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගේ සිත ගැන හොඳින් සිතා බැලිය යුතු බව ය. අප වෙත යහපත සේ ම අයහපත ද ළඟා කරන පාලකයා අපගේ සිත ය. එහෙයින් සිත රැක ගත යුතු ය.

අප වරදට පොළඹවන්නේ ලෝභ, ද්වේශ, මෝහාදී අපිරිසිදු සිතිවිලි ය. බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංච ශීල ප්‍රතිපදාව වුව ද හොඳින් විමසා බැලීමෙන් මෙම සිතිවිලි ක්‍රියාත්මක වී අප විපතට ඇද දමන ආකාරය තේරුම් ගැනීම අපහසු නැත. යම් කෙනෙක් ප්‍රාණඝාතය සිදු කරනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය අනාරක්ෂිත ය. ආයුෂ කෙටි ය.

බුදුරදුන් කල චුන්ද සූකරික නම් ඌරු වැද්දාගේ කතාව ම ප්‍රාණඝාතයේ විපාක තේරුම් ගන්නට ප්‍රමාණවත් ය. එය නොදන්නවා නම් අප ජීවත්වන සමාජයෙන් ම ඊට උදාහරණ ඕනෑතරම් සොයාගත හැකි ය. කොපමණ පිරිසක් අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙමින් අකල් මරණවලට ගොදුරු වනවා ද? ඒ සසර පුරා කළ පාපයන්හි විපාක බව ධර්මයට අනුව අප තේරුම් ගත යුතු ය.

අනෙකුත් පව් කිරීමේ ද විපාක දුක් සහිත ය. එහෙයින් සිත යහපත් ලෙස හසුරුවා ගත යුතු ය. හොඳින් පාලනය කර ගත යුතු ය. සම්බුදු දහම ඒ සඳහා අපට මඟ පෙන්වයි. යහපත් සිතිවිලි ඇති විට සැප විපාක ලැබෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් කෙනෙක් හොඳ අදහසින් කරන කියන දෙයෙහි හොඳ ප්‍රතිඵල තමන් හැර නොයන සෙවණැල්ල සේ තමන් පසුපස එන බව ය. එසේ නම් තෝරා ගත යුතු මඟ පැහැදිලි ය. මේ ජීවිතයේ, මතු සසර ගමනේ දුක් විපාක පරදා සැප සතුට ලබන්නට අප ගේ සිත යහපත් ලෙස හසුරුවා ගන්නට උත්සාහ ගත යුතු ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]