[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඈත අතීතයක ශාසනික තොරතුරු කියන කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ පද්මාකාර සෑ රදුන්

මුලතිව් තන්තිරිප්පු රක්‍ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව ඇති උස්බිම් ප්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා ඇත. මේ පුරාවිද්‍යා ස්ථානය මුල් ඓතිහාසික යුගයේ (ක්‍රි.ව. 1 සහ 2 යන සියවස්වල) ඉදිවූ ආරම්භක නටබුන් සහිත ස්ථානයකි. මහාවංශය මෙම ස්ථානය කුරුන්දක, කුරුන්ඥා පාසකල වශයෙන් ද, 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලන වාර්තාවේ කුරුන්දන්මලේ වශයෙන් ද හඳුන්වා ඇත. වර්තමානයේ කුරුඳුමලේ වශයෙන් හඳුන්වන මෙම විහාරස්ථානය කුරුන්ද, කුරුන්දුවෙලි යනුවෙන් ද හඳුන්වයි. වංශ කතාවලට අනුව ලංකාවේ ලියැවුණු අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨ කතා නම් සුවිශේෂි අට්ඨ කතා ග්‍රන්ථ රචනා කරන ලද්දේ මේ ස්ථානයේ බවට විශ්වාස කරනු ලැබේ. ඛල්ලාට නාග රජු විසින් (ක්‍රි.ව. 100-103) මේ විහාරය ගොඩනැඟු බවත්, පළවන අග්බෝ රජු (ක්‍රි.ව. 571-604) හා පළවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක්වූ බව මහා වංශයේ සඳහන් වේ. තව ද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී මේ ස්ථානයට වැඩි බවට ජනප්‍රවාද පවතී. තුන්වැනි මිහිඳු රජුට අයත් ශිලා ලේඛනය පිළිබඳ 1905 පාලන වාර්තාවේ මේ පිළිබඳ සඳහන් වුව ද වර්තමානයේ එය සොයා ගැනීමට නොහැකි ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]