[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මහියංගණය,වටවන, සොරබර ඓතිහාසික ශ්‍රී සේරාජා ගල්පොත් භාවනා මධ්‍යස්ථානාධිපති බලංගොඩ නාරද හිමියන් 2006 වසරේදී එක් වකුගඩුවක් දන් දුන් බව කියයි. මේ වන විට අනෙක් වකුගඩුවට විෂබීජයක් ඇතුළුවීමෙන් එයද අක්‍රිය වී ඇති බව කියයි.

උන්වහන්සේට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද දන්වා සිටියි. එහෙයින් තමන් වහන්සේට වකුගඩුවක් ලබා දීමට පරිත්‍යාගශීලියකු ඉදිරිපත් වී ඇතත් ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීම ගැටලුවක් බවද කියයි.

ඒ සඳහා ආධාර කළහැකි අයකු වේ නම් ආධාර බලංගොඩ බුද්ධරක්ඛිත හිමි නමින් වැල්ලවාය ලංකා බැංකුවේ විවෘත කර ඇති 82105651 ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩිදුර විස්තර 0764892385 දුරකතනයෙන් විමසිය හැකි බව කියයි.

****

ගම්පහ, මාදෙල්ගමුවේ පදිංචි එච්.එච්.ලලිත් හේවගේ යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. වෛද්‍ය නසාර් මහතා ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කළ බව ද කියයි. බී නෙගටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0740323555 හෝ 0768392058 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

පැලවත්ත බත්තරමුල්ල අංක 83 ඒ හි පදිංචි සී.එස්.ඒ. ගුණරත්න දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් 0786062127 දුරකතනය අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

අංක 136 රජමාවත, සෙල්ලකතරගම ලිපිනයෙහි පදිංචි එස්.ඩී. කරුණාසිරි සිව්දරු පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0713407340 හෝ 0712603003 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]