ආනන්ද තෙරුන් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වූයේ ආනන්ද තෙරුන් වහන්සේ ය. එසේම
ධර්ම භාණ්ඩාගාරික තනතුරත් උන්වහන්සේට හිමි විය.ඉතාමත් නිහතමානි, ගුණගරුක, ගුරු
ගෞරවය ඇති, මහා නුවණක් තිබූ උන්වහන්සේ දැකීමට පවා බොහෝ දෙනා ප්‍රිය කළහ. බුද්ධ
මාතාව ප්‍රධාන කාන්තාවන් පන්සියයකට බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව
ලබා දීමට උන්වහන්සේ කටයුතු කළ අතර, බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ස්ථිර උපස්ථායක
තනතුරට පත් කර වදාළහ.
ජේ.ඒ. ඩී. ටී. ජයසූරිය
09 ශ්‍රේණිය
බණ්ඩාරනායක මහ විදුහල
කෑගල්ල
****
බුදු සමිඳු
මුළාව
සංසාර ගමනේ
අකුසල් දෝතින් පොදි බැඳ
තවත් යා යුතු ද
මේ මඟ
බුදු සමිඳු අභියස
කෙදිනක දහම් අසන්න ද
මේ සසර ගමනේ
ඉසුරු සිතුමිණ ජයලත්
07 ශ්‍රේණිය
ශ්‍රී සෝභිත මහා විදුහල අනුරාධපුරය
****
කාලයෙන්
ප්‍රයෝජන ගනිමු
කාලය රන් හා සමාන ය යන වැකිය මඟින් කාලයේ වටිනාකම පෙන්වා දී ඇත. නියමිත වේලාවට,
නියමිත කටයුතු, නිවැරැදි ව සිදු කිරීම කාලයෙන් නිසි ප්‍රයෝජන ගැනීම යි. අපේ සම්මා
සම්බුදුරජාණන් වහන්සේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ශාස්තෘන් වහන්සේ නමකි. උන්වහන්සේ
උතුම් බුද්ධත්වයට පෙරුම් පුරණ කාලයේ පවා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් බව බෝසත්
චරිතයෙන් පැහැදිලි වේ. එසේම සම්බුදු පදවියට පත්වී වැඩසිටි පන්සාළිස් වසර පුරාම
කාලයෙන් නිසි ප්‍රයෝජන ගනිමින් තුන් ලෝ වැසියන්ට අපමණ සේවාවක් සිදු කළහ. දින චරියාව
කොටස් පහකට බෙදා කටයුතු කිරීම තුළින් උන්වහන්සේ අපට දුන් ආදර්ශය කොපමණ වටී ද? බුදු
සමිඳුන්ගේ පැවිදි සහ ගිහි ශ්‍රාවකයන් වන අපි සැවොම කුඩා කාලයේ පටන් කාලයෙන් උපරිම
ප්‍රයෝජන ගෙන අපගේ ජීවිත ආලෝකවත් කර ගනිමු.
කෙත්සිරිගම සීලානන්ද හිමි
5 වසර
රාජමහා විහාර පිරිවෙන කනංකේ
****
දැහැමි දරුවන් වෙමු
සමාජය තුළ බෙහෙවින් ව්‍යසනකාරී තත්ත්වයකට පත් වී ඇති මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කළ
හැකි ද යන්න අද වනවිට බොහෝ සෙයින් කතාබහට ලක්ව ඇත. ධර්ම ද්වීපය ලෙස පතළ වුව ද අප
රටේ ඇතැම් පිරිසක් දුෂ්චරිතයට යොමු වී ඇත. ඒ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ය. විශේෂයෙන්
ම පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විවිධ උපක්‍රම සකස්
කොට ඇත. බුලත්විට, බීම වර්ග, ටොපි වර්ග ආදිය මඟින් ද මේවා ප්‍රචළිත කිරීමට යත්න දරන
බව පැවසේ. කොතෙක් නීතිරීති ක්‍රියාත්මක කළ ද ඉතා සූක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය
ප්‍රචළිත කිරීමට උත්සාහ දරන පිරිසක් සිටියි. පාසල් සිසුන් මෙහි ආදීනව තේරුම් ගත
යුතු ය. එමෙන් ම දහම් අධ්‍යාපනයට හා දහමට කුඩා කල සිට ම දරුවන් යොමු කිරීමෙන්
මෙවැනි අහිතකර දේවලට යොමුවීමෙන් දරුවන් වළක්වා ගත හැකි ය.
මිහිරි ලක්මිළණි ගුණවර්ධන
12 ශ්‍රේණිය
සංඝමිත්තා බාලිකා විදුහල ගාල්ල
****
සංස්කරණය - නයනා නිල්මිණි |